ගුරුදින විග්‍රහය | ||
|
එය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් ගොස් තමන්ගේ වියරු ආශාව සන්තර්පනය කර ගැනීමට ගන්න ලද තවත් එක උත්සහයකි. මෙරට මීට පෙර සිටි ජනාධිපතිවරුන්ටද විවිධ චෝදනා එල්ල වීතිබේ. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ දී එවැනි බරපතල චෝදනා එල්ල විය. ඒ එසේවූ නමුත් ඔවුන් කටයුතු කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට යටහත්වය.. එසේ නොමැතිනම් නීතියේ ලිහිල් තැන් වලින් රිංගා ගොස්ය. ප්‍රසිද්ධියේ මහ දවාලේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නට ඔවුන් කිසිවෙකුත් කටයුතු කළේ නැත.. අඩුම තරමින් ඒ වෙනුවෙන්වත් ඔවුන්ට ශිෂ්ඨ සම්පන්න බාවයක් තිබිණි.
එහෙත් වර්ථමානය යනු ඊනිව්ස් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ හැඳින්වීම අනුවම මැදමුලනේ ගංකබරයන්ගේ දේශපාලනය රජවී ඇති යුගයකි. නීතියක් රීතියක් අද රටේ ඇත්තේ නැත. ඉතිහාසයේ කාලකන්නි සහගත යුගය මේ යැයි කියන්නට අද පැකිලිය යුතු නැත.
එහෙත් වර්ථමානය යනු ඊනිව්ස් වෙබ් අඩවියේ ප්‍රසිද්ධ හැඳින්වීම අනුවම මැදමුලනේ ගංකබරයන්ගේ දේශපාලනය රජවී ඇති යුගයකි. නීතියක් රීතියක් අද රටේ ඇත්තේ නැත. ඉතිහාසයේ කාලකන්නි සහගත යුගය මේ යැයි කියන්නට අද පැකිලිය යුතු නැත.
කෙසේ නමුත් ඒකාධිපති පාලකයන්ට බයේ සිටිනවා වෙනුවට ඒකාධිපතියාගේ මෙම ලිපිය ව්‍යවස්ථාව උල්ලංඝනය කරන නීතිමය වලංගු භාවයක් නොමැති ලිපියක් බැවින් ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු තනතුරින් ඉවත් නොවීමටත් ඒකාධිපතියාගේ තීන්දුව නීතිය හමුවේ අභියෝගයට ලක් කිරීමටත් තීරණය කර තිබේ.
එමෙන්ම මෙම තීන්දුව නීතිවිරෝධී යැයි තීරණය කිරීමට නීතිඥ ප්රජාවද විනිසුරු ප්රජාවද තීන්දු කර ඇතැයි වාර්තා වේ.
ඒකාධිපති රාජපක්ෂගේ ලිපිය නීති විරෝධී සහ ව්‍යවස්ථාව උල්ලංඝණය කරන්නේ මෙලෙසය.
දෝෂාභියෝගය විනිශ්චය කළ තේරීම් කාරක සභාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරවන්නක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සරිලන නියමිත නීතිමය බලයක් සහිත ආයතනයක් පත්කර දෝෂාභියෝගය විනිශ්චය කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ලබා දුන්නේ ය. මෙය ශ්‍රී ලංකාවේ කිසිවෙකුට මග හැර යා නොහැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ එකම අයිතිය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් වන නිසාවෙනි.
ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව අනුව යමින් අභියාචනාධිකරණය තේරීම්කාරක සභා තීන්දුව ශූන්‍ය කරන නියෝගයක් දුන්නේ ය.
එවිට පත්කළ තේරීම් කාරක සභාව නීති විරෝධී බල රහිත එකක් වන අතර එහි තීන්දුවද බල රහිත වන්නේය. ඒ පිලිබඳ පාර්ලිමේන්තුවේ විවාදයද බල රහිත එකක් වනවා ඇත.
එසේ තිබියදී පාර්ලිමේන්තුව විවාදයක් පවත්වා ඡන්දයක් ද විමසූ නමුත් එහිදී විවාදය සහ ඡන්දය පවත්වා තිබුනේද තේරීම් කාරක සභා වාර්තාව ගැන හෝ අගවිනිසුරුවරියගේ චෝදනා සම්බන්ධයෙන් නොවේ. පැහැදිලිවම පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ ඇතුලත්ව තිබුනේ තේරීම් කාරක සභාවක් පත් කිරීමේ යෝජනාවකි. එවැනි යෝජනාවක් න්‍යාය පත්‍රයේ තිබී වෙනත් යෝජනාවකට ඡුන්දය විමසීමට නොහැකි බව නීතියකට ගරු නොකරන ඒකාධිපතියෙකුට හැර වෙනත් ශිෂ්ඨ සම්පන්න ඕනෑම කෙනෙකුට වැටහී යා යුතුය.
පාසල් යන කාලයේ පන්තියේ සාහිත්‍ය සමිතියක පවා න්‍යාය පත්‍රයක් සකස් කර ඒ අනුව මිස වෙනත් ආකාරයකට කටයුතු කළ නොහැකි බව දැන ගැනීමට පාසැලකට ගිය ඕනෑම අයෙකු දන්නවා ඇත. ඊට මහා රාජ්‍ය තාන්ත්‍රික ඥානයක් අවශ්‍ය නොවේ.
අගවිනිසුරුවරිය ඉවත් කිරීමේ ඡන්ද විමසීම පවා නිවැරදිව සිදුකර නොමැති අවස්ථාවක විධායක ජනාධිපතිවරයාට අගවිනිසුරු ඉවත් කිරීමේ ලිපියක් යැවිය නොහැක. එසේ යවා ඇතිනම් එම ලිපිය නීති විරෝධී ලිපියකි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අගවිනිසුරු ඉවත් කළ හැක්කේ එහි නියමිත ක්‍රියා පටිපාටි අනුව මිස ජනාධිපතිවරයාට හිතෙන හිතෙන වියරු ආකාරයට නොවේ.(තමන්ට හිතෙන හිතෙන වියරුආකාරයෙන් කටයුතුකරන පාලකයා මෘග ඒකාධිපතියෙකු බව නැවත මතක් කරමු)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපතිවරයාට වුව උල්ලංඝනය කළ නොහැක. ඔහුද දිව්රුම් දෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රැකීමට ය. මෙය චේතනාන්විතව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන අතර එහිදී ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් හිමි මුක්තිය අහිමි වනවා ඇත. එනම් මේ සම්බන්ධව ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැකිය. ඔහු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුය. මන්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමේදී ඔහුට හිමි මුක්තිය අහිමි වන බැවිනි.
එහෙත් රටේ ආන්ඩුක්රම ව්‍යවස්ථාව බල්ලට දමා බල තන්හාවෙන් පෙරේත කමින් ජීවිත කාලයම රාජ්‍ය පාලකයා ලෙස වැජඹෙන්න්ට ලේ පිපාසාවෙන් පෙළෙන මෘග ඒකාධිපතියකු අධිකරණයට ඒවි යැයි සිතන්නට නොහැකිය. මෙවැනි මෘගයන් පවුල් පිටින් පන්නා දැමීමට නම් එය කල හැක්කේ මේ රටේ ජනතාවටම පමණි. කොයි ඒකාධිපතියත් එකාරාශී වූ ජන බලයට යටත් වන බව ලෝක ඉතිහාසය මුළුල්ලේ පෙන්වාදුන් සතයකි. එහෙත් ගැටළුව තිබෙන්නේ මේ සත්‍ය තේරුම් ගත් ජනතාවක් නොමැති කමටත් වඩා මේ ජනතාවට තේරුම් කර දීමට තරම් ශක්ති සම්පන්න දේශපාලන බලවේගයක් නොමැති කමය.
කට්ටවාදී වුවමනාවන් පෙරට ගෙන කළයුතුව තිබෙන සටන පැත්තක දමා බොරුවට රස්තියාදු ගසන දේශපාලන කල්ලි කණ්ඩායම් අද මාධ්‍ය හරහා කරන දේශපාලනයක් හැර වෙන යමක් කිරීමට තරම් හැකියාවක් සහිත නොවේ . ඒ කරුමය නිසා අද අවාසනාවකට මේ වියරු ඒකාධිපතිත්වයට එරෙහිව තනිවම සටන් කරන්නට සිදුව ඇත්තේ එක් ශිෂ්ඨ සම්පන්න ගැහැණියකට පමණය.
ඇය ශිෂ්ඨ සම්පන්න ගැහැණියක ලෙස හැඳින් වූයේ ශිෂ්ඨත්වය යනු කුමක්දැයි හඳුනන්නකුට හැර මේ මෘග වියරුව පරාජය කළ යුතු බැව් නොහැඟෙන බැවින් පමණක් නොවේ. බරපතල ජීවිත අවදානමක් පවා තිබියදී දෙගිඩියාවකින් තොරව මේ වියරු මෘග ඒකාධිපතිත්වය පරාජය කෙරුම ඈ තම උත්තම වගකීම කොටගෙන ඇති බැවිනි. ඒ නිසා ඈ සැබැවින්ම ශිෂ්ඨසම්පන්න ගැහැණියකි.