Sunday, December 16, 2012

ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය


ලංකා ඉතිහාසයේ අලූත්ම කළු ලපය

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝග යෝජනාව විභාග කළ කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයන් හත්දෙනාගේ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට තිබේ. මේ වනාහි ලංකා ඉතිහාසයේ තවත් අඳුරු හා ලජ්ජාසහගත මොහොතක ලේඛනගත සංකේතයක් බව කිවයුතුය. 


දෝෂාභියෝග කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් ඊට පාදක කරගත් ක‍්‍රියාපරිපාටියත් එවැනි දෙයක් නොකළ යුත්තේ කෙසේදැයි යන්නට හොඳම උදාහරණ ලෙස සැලකිය හැකිය.

දෝෂාභියෝග නඩු විභාගයත් කාරක සභාවේ හත්දෙනාගේ වාර්තාවත් මෙතැන් සිට ලංකාවේ ඉතිහාසය වෙයි. ඒ ඉතිහාසය කියනු ඇත්තේ කුමක්ද? රටේ අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ඉහළම නාමධාරී කාන්තාවට එරෙහිව පදනමක් නැති චෝදනා ගොනුකොට, පාර්ලිමේන්තුවට ගෙන්වා, ඇයට සාධාරණ නඩු විභාගයක් නොදීමෙන් නොනැවතී ඇය පෞද්ගලිකව අවමානයට හා අපහාසයට පත්කරමින්, මේ රටේ පාර්ලිමේන්තුව තමන් විසින්ම තමන් ඉතිහාසයේ නින්දාසහගතම තත්ත්වයකට පත්කරගත් බවය. පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ගැන බොහෝ දෙනෙක් බොහෝ දේ මහ හඬින් කියතත් ඇත්ත තත්ත්වය ඒ සා කනගාටුදායකය.

විධායකයේ දුෂ්ට අරමුණ කුමක් වුවද, රටක ව්‍යවස්ථාදායකයක් පවත්වාගත යුතු අවම ප‍්‍රමිතීන් පවත්වාගැනීම සඳහාත් එමගින් අඩුගණනේ තම ආත්ම ගෞරවය ආරක්‍ෂාකරගැනීම සඳහාත් කිසියම් ප‍ 

Tuesday, December 11, 2012

උත්තරීතර මාළු මාකට් එක


පෑලියගොඩ මාළු මාර්කට්‌ එකත් උත්තරීතරයි

Rate this item
(1 Vote)

ANURA kumara
ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
සාකච්ඡා කළේ : උදේශ සංජීව ගමගේ
ප්‍රශ්නය - අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය මේ වන විට වඩාත් උණුසුම් මුහුණුවරක්‌ ගෙන තිබෙනවා. මොකක්‌ද මේ ගැන ජවිපෙ ස්‌ථාවරය.
පිළිතුර - අප මේ දෝෂාභියෝගය කියන කාරණයේදී එහි කරුණු - කාරණා එහෙමත් නැත්නම් චෝදනා ගැන එතරම්ම වැදගත් ලෙස සළකන්නේ නෑ. එම කරුණු සත්‍යද අසත්‍යද කියන කරුණු ගැන අපි එතරම් සළකන්නේ නෑ. අපි පදනම් කරගනු ලබන්නේ මේ දෝෂාභියෝගය ගෙන ඒම දක්‌වා වූ ගමන් මාවත පිළිබඳවයි. විශේෂයෙන්ම ජනතා විමුක්‌ති පෙරමුණේ එම ආයතන පිළිබඳව විවිධ වෙනස්‌ අර්ථකථනයන් තිබෙනවා. පාර්ලිමේන්තුව වේවා අධිකරණය වේවා මෙම අයුක්‌තිසහගත සමාජ ක්‍රමය ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් සුදුපිරුවට පළඳවා තිබෙනවා. ඒවා කවර දිනයකවත් යුක්‌තිය ඉටුකරන ලද ආයතන නොවේ.
එම ආයතන කිසියම් පංති වුවමනාවක්‌ වෙනුවෙන් හඬනගන ලද ආයතනයි. ඒ නිසා එම ආයතන උත්තුංග හෝ මහා ගරු ගාම්භීර ආයතනයන් ලෙස අප පිළිගන්නේ නෑ. නමුත් වර්තමාන සමාජ ක්‍රමයේ පැවැත්ම වෙනුවෙන් ගොඩනගන ලද ආයතන තමයි අද ඊට එරෙහිව තිබෙන්නේ. අද ආණ්‌ඩුවේ පාලනය ඒකාධිපති වියරුවකින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනකයි යෙදෙන්නේ. ඒ සඳහා බාධාවන සියලුම ආයතන සහ පුද්ගලයන් හඹා ගොස්‌ විනාශ කිරීමේ වියරුවකින් පෙළෙනවා. එහි පළමු පියවර ලෙස මාධ්‍යවේදීන් ඝාතනය කළා. පැහැර ගෙන ගියා. අද වන විට සියලු මාධ්‍ය තමන් වෙත හීලෑ කරගෙන ඉන්නවා.
ඒකාධිපති වියරුවේ නවතම ගොදුර බවට පත්ව තිබෙන්නේ අධිකරණයයි. අගවිනිසුරුවරිය පත් කළේ ජනාධිපතිවරයාමයි. ඒ වගේම පසුගිය කාලයේ ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබුණා. නමුත් මෑත කාලයේ උසස්‌ පෙළ ශිෂ්‍යයන්ගේ ඉසෙඩ් ස්‌කෝර් ප්‍රශ්නයේදී ශ්‍රේෂ්ඨාධිකරණය ළමුන්ට විශාල අසාධාරණයක්‌ සිදුව ඇති බවත් එය නිවැරදි කළ යුතු බවත් කීවා. එතකොට ආණ්‌ඩුව හිටපු දැඩි තකතීරු තීරණයේදී අධිකරණය දරුවන් වෙනුවෙන් පෙනී සිටියා.
ඊළඟට බැසිල් රාජපක්‍ෂ අමාත්‍යවරයා විසින් ගෙන එන ලද දිවි නැගුම පනත, මේ පනතේ සමෘද්ධි අධිකාරියේ නිලධාරීන්ට දෙපාර්තමේන්තුවක්‌ බවට පත්වෙන එක සහ ඔවුන්ට විශ්‍රාම වැටුපක්‌ සහිත ස්‌ථාවරතාවකට පත්වෙනවා කියන දවටනය තමයි ඔතලා තිබුණේ. හැබැයි ඒ තුළ තිබුණේ ''වස ගුලියක්‌'' මෙහි ප්‍රධාන කරුණු තුනක්‌ තියෙනවා. ඒ නිලධාරි යාන්ත්‍රණය, සමිති යාන්ත්‍රණය සහ මුදල් සංසරණයයි. මේ තුනම සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට පටහැනියි. ශ්‍රේෂ්ඨාධිකරණය ඊටත් එරෙහි තීන්දුවක්‌ දුන්නා. එතැනදී තමයි ශ්‍රේෂ්ඨාධිකරණය සමග මේ ගැටුම නිර්මාණය වෙන්නේ. මෙන්න මේ ඇතිව තිබෙන තත්ත්වයට එරෙහිවයි අපේ පක්‍ෂය කටයුතු කරන්නේ.
ප්‍රශ්නය - ඔබ සඳහන් කළේ එහි අතීත කාරණා. අපි අහන්නේ මේ වන විට මතුව ඇති අධිකරණයේ ස්‌වාධීනත්වය හා පාර්ලිමේන්තුවේ ඇතිව තිබෙන උත්තරීතරභාවය ගැනයි. ඔබ පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය වෙනුවෙන් පෙනී සිටින්නේ නැද්ද?
පිළිතුර - මෙතැන කිසිසේත්ම පාර්ලිමේන්තුව සහ අධිකරණය අතර ගැටුමක්‌ නෑ. තිබෙන්නේ ආණ්‌ඩුව අධිකරණය සමග ඇති කරගත් ගැටුමකුයි. අප කිසිසේත්ම මේ ගැටුමට හවුල් විය යුතු පුද්ගලයන් නොවෙයි. විශේෂයෙන්ම මේ උත්තරීතරයි කියන වචන සිංහල භාෂාවේ තිබෙන ගරු ගාම්භීර වචන පමණයි. නමුත් ඒ ආයතන තුළ එහි ජීවාත්මක බව නෑ.
ඔබ හිතන්න 18 වැනි සංශෝධන සම්මත කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය ධුරවලට බැංකු ණය කපා හැරීම වෙනුවෙන් කෝටි ප්‍රකෝටි ගාණට අලෙවි වූ මන්ත්‍රීවරුන් තමයි මේ. ඉතිං එවැනි ආයතනයක්‌ උත්තරීතර වෙනවාද? මේක නිකං කොටස්‌ වෙළෙඳපොළ. වැඩිම ඉල්ලුමට එහාට මෙහාට යන පුද්ගලයන් ඉන්න ආයතනයක කොහෙද උත්තරීතර බවක්‌. එහෙමනම් පෑලියගොඩ මාළු මාර්කට්‌ එකත් උත්තරීතරයි. එතැන විකුණන්නේ මාළු. මෙතැන විකිණෙන්නේ මිනිස්‌සු. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නෑ මේවා සැබෑ ජනතා පරමාධිපත්‍ය නියෝජනය කරන උත්තරීතර ආයතන බවට.
දැන් තිබෙන්නේ ජනතා කැමැත්ත පිළිබිඹු කරන පාර්ලිමේන්තුවක්‌ නොවෙයි. එහි විකෘතියක්‌. ඒ වගේම මේ ආයතන මේ වන විට විධායකයේ මුළු අණසකට යටත් කරගත්ත ආයතනයි. කොඳු කඩපු, සෘජුව තමන්ගේ හෘදය සාක්‍ෂිය වෙනුවෙන් පෙනී සිටින්න බැරි නිවට නියාලු බවට පත්කර තිබෙන ආයතනයි.
ප්‍රශ්නය - ඔබ මුලින් සඳහන් කළා දෝෂාභියෝග චෝදනා ගැන තැකීමක්‌ කරන්නේ නෑ කියලා. ඒත් මේ චෝදනා බරපතළයි. ජවිපෙ නිරන්තරයෙන් කියන දූෂණ වංචා - අක්‍රමිකතා කියන කුලකයට එය අයිතියි. ඇයි එය නොසලකා හරින්නේ?
පිළිතුර - ආණ්‌ඩුවේ තිබෙන්නේ කන්න හිතුණම කබරගොයත් තලගොයා කරගන්නා න්‍යායන්. ඇයට ඉදිරිපත් කර තිබෙන චෝදනා වලින් බහුතරයක්‌ ඇය අගවිනිසුරුවරිය ලෙස පත්කිරීමට පෙර ඉදිරිපත් කරන ලද චෝදනා. එවැනි චෝදනා තිබියදීත් ජනාධිපතිවරයා ඇය පත් කළේ ඇයි. දෙවැන්න සාමාන්‍යයෙන් දෝෂාභියෝගයක්‌ ගොඩනැගෙන්නේ ඒ නිශ්චිත මොහොතේ පැන නගින කරුණු මතයි. නෙවිල් සමරකෝන් අගවිනිසුරුවරයාට එරෙහිව දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ ඔහු එම තනතුරේ කටයුතු කරද්දී කරන ලද ප්‍රකාශයක්‌ හේතුවෙන්... ඊළඟට අගවිනිසුරු සරත් එන්. සිල්වාට දෝෂාභියෝගයක්‌ ගෙන ආවේ ඒ මොහොතේ පැන නැගුණු කාරණා මතයි. හැබැයි අගවිනිසුරුවරියට චෝදනා ගොනු කරන්නේ නිශ්චිත මොහොතේ කරුණු අරභයා නොවේ. මීට වසර ගණනාවකට පෙර කරන ලද දේවල් පදනම් කර ගනිමිනුයි. එය අපි අදාළ නොවන චෝදනා යෑයි කියන්නේ ඒ නිසයි. ඊළඟට මේ සමාජය දේශපාලනය කුණුවෙලා ගඳගහන මොහොතක ඔබ හිතනවද අධිකරණය විතරක්‌ බේරෙයි කියලා. මේ චෝදනා විභාග කරන හත්දෙනා ගැන හිතලා බලන්නකෝ. ඡේසුස්‌ වහන්සේ කිව්වා වගේ කිසිම වරදක්‌ නොකළ අයෙක්‌ ඉන්නවා නම් මෙන්න පළමු ගල ඇයට ගසන්න.· කියන එක තමයි අපට කියන්න තියෙන්නේ.
ප්‍රශ්නය - ඔබ කියනවා දිවි නැගුම පනත තමයි මේ දෝෂාභියෝගයට හේතුව කියලා. නමුත් ජවිපෙ ඇතුළු විපක්‍ෂය නගන ඔය චෝදනාව සමාජගතව ඇති බවක්‌ පේන්න නෑ. ජනතාව එය පිළිගන්නේ නෑ.
පිළිතුර - දැන් ඔබ මොන ජනතාව ගැනද ඔය කතා කරන්නේ. පසුගියදා පාර්ලිමේන්තුවට දිවි නැගුම පනත ඉදිරිපත් කළ මොහොතේ සමෘද්ධි නිලධාරීන් කැඳවා තිබුණා. ඔවුන් එතැනට කැඳවා තිබුණේ ජනකලා කේන්ද්‍රයේ දිවි නැඟුම පනත පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක්‌ තිබෙනවා, ඒ සඳහා ගමන් වියදම් ආහාර සියල්ල දෙනවා කියන ලිත දැනුම්දීම මත. ඒ සියලු සාක්‌ෂි සහිත ලිපි මා ළඟ තිබෙනවා. දැන් එතකොට මේ අය ද ඔබ කියන ජනතාව. ඒ වගේම පසුගියදා අධිකරණයට හා පාර්ලිමේන්තුව අසලට ගෙන එන ලද පිරිස සහිත ඡායාරූපවල තිබෙනවා ඔවුන්ට මුදල් ලබා දෙන. ඒක ජනමතය නොවෙයි. මේ සල්ලි දීලා ගෙන්නපු උද්ඝෝෂකයන් ඉදිරිපත් කරන එක සටන් පාඨයක තිබෙනවා "දිවි නැඟුමට එරෙහි වූ අධිකරණය" කියලා. දැන් එතකොට හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා වගේ ඒ උද්ඝෝෂකයන්ම කියනවා දිවි නැඟුමට එරෙහි වූ නිසා තමයි මේක කරන්නේ කියලා. ඒ නිසා හරි පැහැදිලියි අපි මෙතෙක්‌ කියන ලද කාරණා ඒ උද්ඝෝෂකයන්ම තහවුරු කරලා තියෙනවා. වීඩියෝ දර්ශනවල තිබෙනවා මේ අයට සටන්පාඨ කියලා දෙන්නේ අර ඇමැතිතුමා. එක තැනකදි එක්‌ පුද්ගලයෙක්‌ අහනවා "අධිකරණයද උත්තරීතර?" කියලා. එතකොට එතුමා කියනවා "නෑ... නෑ... නෑ... පාර්ලිමේන්තුව" කියලා. එතකොට මේ අයද ජනතාව. කිසිම හැඟීමක්‌ නැති කිසිම දෙයක්‌ දන්නේ නැති මිනිස්‌සු ටිකක්‌ ගෙනල්ලා දාලා කරන මේ විකාරය සැබෑ ජනතා හඬ නෙවෙයි.
ප්‍රශ්නය - දොaෂාභියෝගය චෝදනා විභාගය පිළිබඳව කරුණු මාධ්‍යයට අනාවරණය නොකරන්නට ගත් තීරණය ගැන මොකක්‌ද තිබෙන විග්‍රහය.
පිළිතුර - විශේෂයෙන්ම අධිකරණයේදී නඩුවක්‌ විභාග කරන කොට විවෘත අධිකරණයේදී තමයි විභාග කරන්නේ. සාමාන්‍ය ජනතාවට සහ මාධ්‍යවේදීන්ට විවෘත කරමින් තමයි එය විභාග කරන්නේ. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය කියලා තමයි කියන්නේ. ජනතාවගේ නියෝජනය වෙනුවෙන් තිබෙන ආයතනය කියලා තමයි එය හඳුන්වන්නේ. එතකොට ජනතාවගේ ආයතනයේ සිදුවන දේ මොකටද ජනතාවට හංගන්නේ. එතකොට ජනතාවගේ නියෝජිත කාර්ය භාරය අපි ඉටුකරනවා ජනතාවට හොරෙන්. ඒ නිසා මේ සියලු කරුණු මාධ්‍යයට විවෘත කළ යුතුයි. මේ උත්සාහ දරන්නේ වෙනත් කිසිවකටවත් නෙවෙයි. මේ සියල්ල කාමරයක බිත්ති හතරක්‌ තුළ තබාගෙන දඬුවම් දෙන්න යන ප්‍රයත්නයකුයි මේ තිබෙන්නේ. ඒ නිසා ආණ්‌ඩුව මේ තොරතුරු එළියට යැම පිළිබඳ වරප්‍රසාද ප්‍රශ්න නගමින් ඉන්නේ වෙන කිසිවක්‌ නිසා නොවෙයි ජනතාවට සැඟවිය යුතු කරුණු බොහෝමයක්‌ තිබෙන නිසයි. ඒ නිසා අප කියන්නේ මේ සියලු කරුණු මාධ්‍යයට විවෘත කළ යුතුයි. ඒ හරහා තමයි මාධ්‍යය හරහා රටේ ජනතාවට සාධාරණ විනිශ්චයක්‌ ලබාගත හැකි වන්නේ.
සරත් ෆොන්සේකා මහතාගේ සිද්ධියේදී යුද අධිකරණ ක්‍රියාවලිය මාධ්‍යයට වාරණය කළා. හැබැයි ඊට පසුව විවෘත අධිකරණයට ප්‍රශ්නය ආවට පස්‌සේ ජනතාව ඒ ගැන වැඩි අවබෝධයක්‌ ලබාගත්aතා.
මෙතැන තිබෙන්නේ යුද අධිකරණයක්‌ නෙවෙයි. මෙය ජනතාවගේ නියෝජිතායතනය. ඒ නිසා මෙය පූර්ණ වශයෙන්ම මාධ්‍යයට විවෘත විය යුතුයි. මේ හදන්නේ ජනතාවට හොරෙන් නඩු අහන්න... ජනතාවට වසන් කරපු ක්‍රියාමාර්ගවලට යන්න. මෙය සාධාරණ යෑයි අපි විශ්වාස කරන්නේ නෑ.
ප්‍රශ්නය - මේ වන විට දේශපාලන කරලියේ ඉස්‌මතුව ඇති එවැනි බොහෝ කරුණු කාරණා නිසා ජනතාවගේ සැබෑ ප්‍රශ්න යට යන බවක්‌ තමයි අපට පේන්නේ. ජවිපෙ පවා මේ මොහොතේ ඊට උනන්දු නොවන බවකුයි පේන්නේ.
පිළිතුර - නෑ ඒ කතාව වැරැදියි. දොaෂාභියෝගයත් ජනතාවගේ ප්‍රශ්නයක්‌... මේක ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ප්‍රශ්නයක්‌. එතකොට එවැනි නිශ්චිත මොහොතක අපිට නිහඬව ඉන්න බෑ. මේකට අපි සක්‍රීයව මැදිහත් වී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වූ අරගලය අප ගෙන යනවා. අනික්‌ පොදු අරගලවලදිත් අපි මැදිහත් වෙනවා. පසුගිය හයවැනිදා තරුණයන්ගේ විශාල රැළියක්‌ අපි සූදානම් කළා. අද රටේ තරුණයන් විශාල අර්බුදයක ඉන්නේ. ඔවුන්ට
රැකියා නෑ. අධ්‍යාපනයට සරිලන රැකියා නෑ. ඔවුන් අපේක්‍ෂා භංගත්වයට පත්වෙලා. ගොවි ජනපදවල සක්‍රීය වැඩ කොටසක්‌ අපි ගොවි ජනතාව සමග එකතුවෙලා ගනිමින් ඉන්නවා. වෘත්තීය සමිති සමග සටන් ගණනාවක නියෑලී ඉන්නවා. අපි උපරිම සක්‍රීය දායකත්වයක්‌ ඒ සඳහා දක්‌වනවා.
-දිවයින

හොම්බෙන් යාම


හොම්බෙන් යාම
රාජපක්ෂ රෙජීමය ගොඩනැඟීමට යන දේශපාලන සංස්කෘතිය අන් කිසිවක් නොව ඊට එරෙහි කිසිවකු නොමැති දේශපාලන සංස්කෘතියකි. රෙජීමයට එරෙහි වන යම් කිසිවකු සිටී නම්, ඒ එරෙහි වන්නන්ට බොහෝ දුර්භාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුවේ. අගවිනිසුරුවරිය කලක් තිස්සේ රෙජීමයේ හිතේෂිවන්තයකුව සිටියත් ප‍්‍රශ්නය පැන නැඟුණේ එක් වරක ආණ්ඩුව සමග එකඟ නොවූ නිසාය. අරුන්දික ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා පවසන ආකාරයට නම් ප‍්‍රශ්නයට හේතුව දිවි නැඟුම පනතට විරුද්ධ වීමයි. කෙසේ හෝ දෝෂාභියෝගය ගෙන ඒමේ ආණ්ඩුවේ උවමනාව වූයේ තමන්ට එරෙහි වන අය මුහුණපාන ඉරණම පිළිබඳ පාඩමක් සමාජයට ඉගැන්වීමයි. එහෙත් දෝෂාභියෝගය කථානායකවරයාට භාර දී මාසයක් ඉක්ම යන මොහොත වන විට එම අරමුණ ඉටු කරගත නොහැකි අන්දමේ අවාසිදායක පරිසරයක් ආණ්ඩුවට ගොඩනැඟී ඇත.
තත්වය වෙනස් වීම ඇරැඹුණේ අගවිනිසුරුවරිය යටත් වීම පසෙකලා සටන් කිරීමට තීරණය කිරීමත් සමගය. ආණ්ඩුව අපේක්ෂා කළේ දෝෂාභියෝගය භාරදීමත් සමග ඇය ඉල්ලා අස්වනු ඇත කියාය. එහෙත් අගවිනිසුරුවරිය ඉල්ලා අස් නොවූවා පමණක් නොව එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීම ද ආරම්භ කළාය. ඇය නීතිඥ සමාගමක් හරහා එල්ල කෙරුණු චෝදනාවලට පිළිතුරු සැපයූ අතර එම පිළිතුරු මාධ්‍ය හරහා සමාජගත විය. මේ තත්වය හමුවේ ආණ්ඩුව කළේ රජයේ මාධ්‍ය යොදවා පහත් පෙළේ අවලාද ප‍්‍රචාරය කිරීම හා මඩ පෝස්ටර් ඇලවීම පමණි. එම ක‍්‍රියාමාර්ගයන්ම පවා ආණ්ඩුව පරාජය දැක කලබල වී සිටින බවට හොඳ සංඥාවක් විය. ආණ්ඩුවේ කලබලය තවත් අනාවරණය වූයේ පසුගිය 23වැනිදා අගවිනිසුරුවරිය පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පාර්ලිමේන්තුවට ගිය විට ඇයට ‘සැලියුට්’ නොකරන ලෙස පොලිස් නිලධාරීන්ට නියෝග නිකුත් කිරීම වැනි බාල බොළඳ වැඩවලිනි.
ඒ අතර මහින්ද හා ශිරාණි අතර තිබූ ගැටුම සමස්ත අධිකරණ තන්ත‍්‍රයම රෙජීමයේ දේශපාලන අධිකාරය සමග සටනකට වර්ධනය වන ලකුණු පෙනෙන්නට තිබේ. ඒ බව තවදුරටත් තහවුරු වූයේ දෙසැම්බර් 3වැනිදා අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම් මංජුල තිලකරත්නගේ කැඳවීමකට අනුව දිසා විනිසුරුවරුන්, මහෙස්ත‍්‍රාත් අධිකරණ විනිසුරුවරුන් හා කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන් කොළඹට පැමිණ පැවැත්වූ රැස්වීමේදීය. එම රැස්වීම ඇමතූ අගවිනිසුරුවරිය තමන්ට ඇති චෝදනාවලට පිළිතුරු දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉන් අනතුරුව ජනාධිපතිවරයාට හා කථානායකවරයාට යැවූ ලිපියක් මගින් විනිශ්චයකාරවරු, මේ සිදුවීමට අදාළ අවලාදාත්මක ප‍්‍රචාරයන් නතර කරන ලෙස ද පරීක්ෂණයේ පාරදෘශ්‍යභාවය සුරකින ලෙස ද ඉල්ලා තිබේ. මෙවැනි තත්වයක් ආණ්ඩුවට අතිශය අවාසිදායක වන අතර දෙසැම්බර් 4වැනිදා ආණ්ඩුව තමන්ට හිතවාදී උද්ඝෝෂණ සඳහා කැඳවා තිබුණේ ති‍්‍රරෝද රථ රියැදුරන් හා මර්වින් සිල්වාගේ මැරවරයන්ය. එවැනි ස්තරවලට පිටස්තර කිසිදු සමාජ බලවේගයක් සටන් බිමට කැඳවීමට ආණ්ඩුව අසමත් වී තිබෙන අතර සමාජයේ ප‍්‍රබුද්ධ හා සබුද්ධික කොටස් වේගයෙන් ආණ්ඩුවෙන් දුරස් වෙමින් සිටී.
උත්තර දෙක
ආණ්ඩුවට සිය අරමුණ ඉටු කරගත නොහැකිවාක් මෙන්ම අගවිනිසුරුවරිය සටන් කිරීමට තීරණය කිරීමත් අධිකරණ විනිසුරුවරුන් පාලනය කරගත නොහැකි වීමත් සමාජ මනෝභාවයන් ආණ්ඩුවට එරෙහිව පෙළගැසීමත් නිසා ඉතාම අවාසිදායක තත්වයක් උද්ගත වී තිබේ. අසීරු අඩියකට වැටී සිටින ආණ්ඩුවට සිය ගැලවීම සඳහා එල්ලෙන්නට ඇත්තේ පිදුරු ගස් දෙකකි. පළමු වැන්න ව්‍යවස්ථාදායකයේ ස්වාධීන අයිතිය පිළිබඳ පිදුරු ගසයි. ආණ්ඩුවේ තර්කය වන්නේ ජනතා පරමාධිපත්‍ය බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බැවින් පාර්ලිමේන්තුවේ කටයුතුවලට ඇඟිලි ගැසීමට අධිකරණයට බලයක් නොමැති බවයි. මේ සංවාදය තීව‍්‍ර වූයේ දෝෂාභියෝගය විභාග කරන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නියෝජිතයන් 11දෙනාට දෙසැම්බර් 14වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අධිකරණය නිකුත් කළ නොතීසි ඉවත දැමීමට කථානායකවරයා තීරණය කිරීමත් සමගය. මතුවී ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයකි. ධනේශ්වර නීතියට අනුව ගත් කල පාර්ලිමේන්තුව නීති පනවන අතර අධිකරණය කරන්නේ එම නීති ව්‍යවස්ථාවට අනුව අර්ථකථනය කිරීම හා නීති ක‍්‍රියාත්මක කිරීමයි. එම තර්කයට අනුව අධිකරණයට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැත. නමුත් මෙහි තවත් පැත්තක් ඇත. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ව්‍යවස්ථාවට පටහැනිදැයි අර්ථකථනය කළ හැක්කේ අධිකරණයට පමණක් වන නිසා ඒ ගැන  ඕනෑම අයකු සාක්ෂිකරුවකු ලෙස කැඳවීමට අධිකරණයට බලය ඇත. මෙම තර්ක දෙකම ශක්තිමත් වන අතර ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයකි.
ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බලයේ සංවරණය හා තුලනය ගැන මේ සංවාද විද්වත් කවවල සංවාද බවට පත්ව ඇත. මෙම සංවාදවල දී ජනතාවට කිරීමට දෙයක් නැති අතර කිසිවකු ජනතාවට ක‍්‍රියාකාරීත්වයට කතා කරන්නේ ද නැත. ජනතාවගේ පාර්ශ්වයෙන් ගත් කල පවතින පාර්ලිමේන්තුව ජනතා මතයක් නියෝජනය නොකරන අතර එය පාදඩයන්ගේ, මැරයන්ගේ හා ඉසුරුමත් සිටුවරුන්ගේ කීර්තිය නඩත්තු කරන ව්‍යුහයක් පමණි. එය තුළ ජනතා පරමාධිපත්‍යය නියෝජනය වෙතැයි කථානායකවරයා මෙන්ම විපක්ෂ නායකවරයා ද එක හ`ඩින් කියන විට අපට ඇත්තේ සිනාවීමටය. අනෙක් අතට මේ බලහත්කාරීත්වයෙන් අධිකරණය ගලවා ගැනීම මගින් ජනතාවගේ අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නවලට විසඳුම් ලැබේය යන මායාවේ කොටස්කරුවන් වීමට ද අපේ කැමැත්තක් නැත. කෙසේ වෙතත් ජනතාවට අදාළ නොවන ව්‍යවස්ථාදායක - අධිකරණ සංවාදය තුළ ආණ්ඩුවට සිය බිඳ වැටීම සඟවාගත නොහැකිය.
මේ තත්වය හමුවේ ආණ්ඩුවට එල්ලිය හැකි එකම පිදුරු ගහ ජාතිවාදයේ පිදුරු ගහයි. මේ අසීරුතාව මැද ආණ්ඩුවට කිව හැකි සටන් පාඨය කුමක්ද? ඒ යුද්ධය අවසන් කළ ආණ්ඩුව තමන් බව යළි මතක් කිරීම හා දෙමළ ජනතාව තළා දැමීමට සූදානම් ආණ්ඩුව තමන් බව සිංහල සමාජයේ ජාතිවාදී හා ලූම්පන් ශ්‍රේණීන්ට ඒත්තු ගැන්වීමයි. පසුගිය දා අලූත්කඬේ අධිකරණය ඉදිරිපිටට පැමිණි ත‍්‍රිරෝද රථ රියැදුරන්ටත් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය ඉදිරියේ උද්ඝෝෂණ කළ මර්වින්ගේ මැරයන්ටත් කතා කළ හැකි මනෝභාවය එයයි. ආණ්ඩුව මේ අර්බුදයට මුහුණ දීමට සැරසෙන්නේ වැඩි වැඩියෙන් ජාතිවාදය පැතිරවීමෙන් හා සියලූම සිදුවීම් ඒ සඳහා යොදා ගැනීමෙනි. නොවැම්බර් 26වැනිදා යාපනය විශ්වවිද්‍යාලය තුළ කළ මළවුන් සැමරූ පහන් දැල්වීමේ සිද්ධිය ආණ්ඩුව ආශිර්වාදයක් කරගත්තේය. නොවැම්බර් 30වැනිදා යාපනය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පී. දර්ශනම් ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර මේ වන විට ඉන් එක් අයකු පමණක් නිදහස් කර ඉතිරි තිදෙනා ආරක්ෂක ලේකම්වරයාගේ රැඳවුම් නියෝග මත මාස තුනකට රඳවා තබා ඇත. මෙසේ මර්දනය දියත් කරන අතර ආණ්ඩුව එම ජාතිවාදී මනෝභාවයන් අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගය සමග ගැට ගසයි. දෙසැම්බර් 01වැනිදා අරලියගහ මන්දිරයේ පැවැති පොත් එළිදැක්වීමක දී වසර 30ක යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ දේ අලූත්කඬේට ගොස් දිනා ගැනීමට උත්සාහ කරනවා යැයි ජනාධිපතිවරයා කළ ප‍්‍රකාශය මීට හොඳ නිදසුනකි.
මේ ජාතිවාදී ව්‍යාපෘතිය විසින් මුළු රටම පඹගාලක පටලැවේ. සමාජයක් ලෙස අපට යළිත් මේ වෙනුවෙන් රුධිරයෙන් වන්දි ගෙවන්නට සිදුවනු ඇත. එහෙත් ආණ්ඩුව පා පැදියේ ගිය ඉබ්බා මෙන් ජාතිවාදී පා පැදියේ යන අතර හඬනඟා කියන්නේ ‘හොද්දට ගියත් සෙකන්ඞ් නොවන’ බවය. හොද්දට යන්නේ රාජපක්ෂ පවුලේ අය නොව සිංහල - දෙමළ - මුස්ලිම් පීඩිත ජනතාවයි. බලලෝභී දේශපාලකයන්ගේ ජාතිවාදී ව්‍යාපෘති නිසා ජීවිත දහස් ගණනින් වන්දි ගෙවූ සමාජය ඉදිරිපිට යළිත් ඒ අවදානම හොල්මන් කරමින් සිටී. මහින්දව දිනවන හෝ අගවිනිසුරුවරිය දිනවන සංවාදය වෙනුවට සමස්ත සමාජයම මේ උගුලෙන් ගලවාගෙන පීඩිතයා දිනවන සංවාදය ආරම්භ කළ යුතුය. එකම විසඳුම එයයි.

Friday, November 30, 2012

මස් කන්න ආපු පෙරේතයා

ඌරු මස්‌ කන්න ආ අමුත්තා     (  දිවයින පත්‍රයෙන් )

විමලසිරි අගලකඩ

සුසාන භූමිය ස්‌වභාවයෙන් ම ඇතැමුන්ට බිය උපදවන තැනකි. තවත් අයෙකු, දැඩි කලකිරීමකට පත්කරවන තැනකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි වාසය කරන්නේ අමනුස්‌සයෝ ම යෑයි මිනිසුන් විශ්වාස කරන හෙයිනි.

නමුත් කනත්තෙහි නිවාස තනා පදිංචි වන්නෝ නොසිටියත් මෙහි මායිමේ ජීවත්වන්නෝ බොහෝ වෙති. ඔවුන්ට නම් ඒ බිය මත කලකිරීම ඇති නොවුණත් ඇතැම් විටෙක අමනුෂ්‍යයන්ගේ ගති ස්‌වභාවය නම් නොදැනුණාමත්a නොවේ. මේ එවැනි කතාවකට සාක්‍ෂියක්‌ සපයමින් කනත්තක්‌ අසල පදිංචිකරුවකුගේ බිය උපදවන කතා ප්‍රවෘත්තියකි. මෙම නිවස පිහිටියේ සුසාන භූමියේ ඉහළ කෙළවරේය. වැටටම අල්ලා තනා තිබූ එහි මුළුතැන්ගෙයි ජනේලයෙන් සුසානභූමියෙහි කෙරෙන සියලු කාර්යයන් මනාව දර්ශනය විය. එහෙත් නිවැසියන්ට ඒ සියල්ල සාමාන්‍ය දේ වූහ.

දිනකට මිනීs එකක්‌ හෝ දෙකක්‌ මිහිදන් කෙරෙන මෙහි නිතර හඬා වැටෙන්නෝ කෙළවරක්‌ නැත. එහෙත් මේ නිවැසියන්ට නම් ඒවායේ ගණනක්‌ නැත. පසුගිය දිනෙක දරුවන්ගේ ආහාර වේලට මස්‌ කරියක්‌ එකතු කිරීමේ අදහසින් පියා ඌරුමස්‌ කිලෝවක්‌ ගෙන ආවේ අඳුර වැටීමත් සමගය. කොතරම් ආදාහන කටයුතු කෙරුණත් මස්‌, මාළු ඉවීම් පිහීම් කෙරෙන මෙම නිවසෙහි එදිනද ඌරු මස්‌ කරිය සෑදීමට දෙගිඩියාවක්‌ නම් ඇති නොවීය. ඒ වන විටත් කනත්තෙහි මිහිදන් කර තිබූ තැනෙක ඉටි පහනක්‌ දෙකක්‌ දැල්වෙමින් තිබුණේ මළ පුද්ගලයාට ආලෝකය සපයන්නාක්‌ මෙනි.

"ගේන දෙයක්‌ වේලාසන ගේනවා නම් නේ හොඳ. දැන් මේව හදල පුංචි එවුන්ට කන්න දෙන්න වෙලාවක්‌වත් තියෙනවායෑ"

සැමියාගේ ප්‍රමාදය කෙරෙහි තරමක අමනාපයක්‌ දැක්‌වූ බිරිඳ කිsයා ගෙන යද්දී "අපට නිදිමත නෑ අම්මේ" පොඩි එවුන් එකහඬින් කීහ.

"ඔව් ඉතිං තාත්තා වගේ නැතෑ. උඹලටත් මස්‌ කිව්වොත් ඊට එහා දෙයක්‌ නැහැනේ." සිතෙහි වූ කේන්තිය පොඩි දරුවන්ගේ හඬින් නිවී ගිය පේමවතී මස්‌ පාර්සලය ද රැගෙන මුළුතැන්ගෙට ගියේ හැකි ඉක්‌මනින් එය පිළියෙල කරන්නටය.

"මස්‌ ටික මම කපල දෙන්නෙයි. සිය බිරිඳ තනිවම කුස්‌සියේ කරන ජරමරය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිකරගත් සැමියා ඇයගෙන් විමසුවේ තරමක්‌ ලෙන්ගතුකමකිනි.

නෑ.... ඕන නෑ... ඔයා පොඩි උන් ටිකත් එක්‌ක ඉන්න. එහෙම නැති වුණොත් එයාල බුදිය ගනියි.

ඔයා කලබල වෙන්න එපා. පේමෝ දැන් නම් එයාල කොහොමවත් බුදියන්නේ නැහැ කියා පියා නිවසින් පිටතට බසිද්දී යළිත් ආපසු හැරී බැලුවේ ගත උණුසුම් කර ගැනීමට යන ගමනට බිරිඳ යුද ප්‍රකාශ කරාවි යෑයි දෙගිඩියාවෙනි.

පේමවතී ලහි ලහියේ රතුපාටින් බැබලුන මස්‌ කැබැල්ල පාර්සලයෙන් පිටතට ගෙන කපන ගමන් ඇතිලියකට දැම්මාය. ඉන් අනතුරුව ලුණු ඇඹුල් මිශ්‍ර කර අනෙක්‌ පහේ යොදා ළිප තබා සාලයට ආවේ "දරුවෝ" කුමක්‌ කරනවාදැයි බලන්නටය.

"කෝ පුතේ තාත්තා"

"තාත්තා ගියා" බාලම දරුවා පිළිතුරු සපයද්දී වැඩිමලා මවගේ මුහුණ දෙස බලා සිටියාය.

"ලොකු දරුවො තාත්තා කොහාටද ගියේ"

ඔය කඩේට යන්න ඇති අම්මේ. එයා දැන් ඒවි.

පේමවතී බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැලුවාය. එහි රාත්‍රි නවය පසුවී තවත් විනාඩි කිහිපයක්‌ පසුවී තිබිණි. දැන් දරුවන්ගේ නිදිමත උග්‍ර වේගෙන එන වෙලාව හෙයින් ඈ නැවත මුළුතැන් ගෙට දිව ගියේ ඌරුමස්‌ කරිය ඉක්‌මනින්aම බාගන්නටයි.

ඒ වනවිටත් ළිප තිබූ වළඳෙහි මස්‌ කැබලි චොර චොර හඬින් උඩ පැන පැන නටද්දී පොල්කටු හැන්දක්‌ ගෙන එය එහාටත් මෙහාටත් පෙරළ පෙරළා තැම්බී ඇත්දැයි බැලීය.

"පුතේ උඹල කෑවද"

පියා නිවසට ආපසු එන ගමන්ම දරුවන්ගේ ආහාර වේල ගැන විමසුවේ සැකයක්‌ ඇති නොවන්නටයි.

"තවම නැහැ තාත්තෙ"

"මෙච්චර වෙලා අම්ම මොනවද බං කරන්නේ".

"ඔව් තාත්තේ අපටත් දැන් බඩගිනියි කියූ දරුවෝ කුස්‌සියට දිවයමින් නැවතත් රූපවාහිනිය අසලට ආවේ "තාමත් නෑ තාත්තේ කියමිනි."

ඌරුමස්‌ කරිය දැන් පදමට සැකසී ඇතත් පේමවතී එය තහවුරු කර ගැනීම සඳහා පොල්කටු හැන්දට ගත් මස්‌ කෑල්ලක්‌ රස බලන්නට සූදානම් වූවාය

"මටත් කෑල්ලක්‌"

ජනේලය අසල සිටි කවුදොa කියනවා ඇයට ඇසිණි. එහෙත් එය ගණනකට නොගත් පේමවතී ඒ දෙස නොබලාම මස්‌ කැබැල්ලෙන් තවත් කොටසක්‌ කඩා හපන්නට වූවාය.

"මටත් කෑල්ලක්‌"

යළිත් වරක්‌ ඇසෙන නොඇසෙන හඬින් කියනවා ඇයට ඇසිණ.

එවරද ගණනට නොගෙන පේමවතී ඉතිරි මස්‌ කැබැල්ලද කටේ රුවා හපන්නට හදනවාත් සමග දෙතුන් දෙනෙක්‌ ඒ හඬින්ම "මටත් මටත්" කියනවා ඇසුණෙන් ඇය ජනේලය දෙස හැරී බැලුවාය.

එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ඒ වන විට සොහොනේ දැල්වෙමින් තිබූ ඉටි පහන්වලින් දෙක තුනක්‌ හැරෙන්නට අනෙක්‌ ඒවා සියල්ල නිවී ගොස්‌ තිබිණි.

මෙම සිදුවීමෙන් තරමක්‌ කුතුහලයට පත් පේමවතී තම දරුවන්වත් ජනේලය අසලට ආවාදැයි සිතමින් නැවත සාලයට ගියාය.

"පුතාල දැන් කුස්‌සියට ආවාද?"

"අපි ආවේ නෑ". දරුවෝa එක හඬින් කියද්දී සැමියාද කීවේ කිසිවෙක්‌ නොආ බවයි.

මේ සිදුවීමත් සමග ඇය යළිත් වරක්‌ මුළුතැන්ගෙට ගියේ තරමක සැකයකිනි. එහෙත් බියක්‌ නම් දැනුණේ නැත.

"කවුද එහෙනම් මගෙන් මස්‌ ඉල්ලුවේ" යි සිතමින් ඒ වන විටත් ළිප තැබූ ඌරු මස්‌ වළඳ බාගනිද්දී යළිත් වරක්‌ "මටත් ටිකක්‌" යෑයි කවුදොa කියනවා ඇසිණි.

මින් වඩාත් කලබලයට පත් ඇය, මිට නැති මන්න පිහිය ගෙන ජනේලය අසලට කිට්‌ටු වෙද්දී නාසය කඩා හැලෙන දුර්ගන්ධයත්a සමග යමක්‌ පෙනී නොපෙනී යනවා දක්‌නට ලැබිණි. එදා සිට මෙම නිවසේ රාත්‍රි කාලයෙහි මස්‌ හෝ මාළු පිසීමට කිසි උනන්දුවක්‌ දක්‌වා නැතත් එවැන්නක්‌ පිළියෙල කරනවා නම් දහවල් කාලයේදී සියල්ල අවසන් කරන බව ඔවුහු පැවසූහ.
 

කාගේ හෝ නිවසක මුල්ලක් කුලියට ගත් පමණින් එකී නිවස තමන්ගේ වන්නේ නැහැ- මංගල සමරවීර

By RSL - Thu Nov 29, 7:16 pm
කාගේ හෝ නිවසක මුල්ලක් කුලියට ගත් පමණින් එකී නිවස තමන්ගේ යයි උදම් ඇනිය නොහැකි බවත්, ආණ්ඩු මේ මොහොතේ ජනතාව ගොනාට ඇන්දවීම සඳහා බොරු කියන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (29)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
ශ්‍රී ලංකාව විසින් ගුවන්ගත කළ බව කියන සැටලයිට් චන්ද්‍රිකාව වෙනුවෙන් වියදම් කරනු ලැබුවේ මහා රාජා‍ගේ මුදල්ද කොටි මුදල්ද යන්න දැන ගැනීමට අයිතියක් ජනතාවට ඇති බවත්, එය ශ්‍රී ලංකාව විසින් ගුවන්ගත කරනු ලැබූ පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව ලෙස රට තුළ මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නද චීන මාධ්‍ය විසින් දිගින් දිගටම අනාවරණය කරනු ලැබ ඇත්තේ එය චීනය විසින් ගුවන්ගත කල 18 වන චන්ද්‍රිකාව වගයයි සමරවීර මහතා සඳහන් කළේය.
එක් චීන මාධ්‍යයක පමණක් එකී සැටලයිට් චන්ද්‍රිකාවේ තාක්ෂණයේ සුළු කොටසක් ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මිලදී ගැනීමෙන් දායකත්වය ලබාදී ඇති බව වාර්තා කර තිබුණු බවත්, මුළු රටම ආර්ථික ගින්නකින් දැවෙමින් ජනතාව කුසගින්නේ තැවෙන විට රාජපක්ෂලා ජනතාවට තරු පෙන්නමින් සිටින බවත්, අහස පෙන්වා සැබෑ ප්‍රශ්නය යටපත් කරන්නට උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සමස්ත ජනයා කුසගින්න වෙනුවෙන් ආණ්ඩුවෙන් සහන ඉල්ලද්දී අධිවේගී රේස් කාර්වලට සහන දුන් බවත්, එය ප්‍රංශ විප්ලවයේදී ජනතාව පාන් ඉල්ලද්දී රැජින “පාන් නැත්නම් කේක් කාපල්ලා” යයි කීමට සමාන බවද සමරවීර මහතා අවධාරණය කළේය.
මීට පෙරාතුව සෝමාලියාව,ඉතියෝපියාව වැනි රටවලින් අසන්නට ලැබුණු දුක්ඛිත කතන්දර දැන් රට පුරා අසන්නට ලැබෙන බවත්, දරුවන්ට කෑම බීම සපයා දිය නොහැකි වූ අම්මලා තම දරුවන් මහ මග දමා යන්නටත්, පොලීසිවලට භාරදෙන්නටත් කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Did you like Share it:

ඉපදෙන්නට හොඳම රට


Where Is the Best Place to Be Born in 2013?

The place to be
ARND WIEGMANN / REUTERS
A cow stands on a mountain-pass road in the Swiss Alps
Of course, it’s the country with the most bunkers per capita, whose people eat more chocolate, ride more trains and commit more suicides with guns than anyone else: Switzerland.
Using a set of parameters ranging from the number of seats in parliament held by women, to life expectancy, divorce rates and average rainfall, the Economist Intelligence Unit released its yearly ranking of countries that offer the best opportunities for life, liberty and pursuit of happiness for children born in the coming year.
Switzerland, a landlocked, multilingual country of 8 million at the heart of Europe but outside the E.U., leads the ranking, followed by Australia and Norway. Five of the top 10 countries are in Europe. Canada ranks ninth. The business hubs Singapore and Hong Kong are leading in Asia.
The U.S. ties with Germany at 16, behind Ireland — a country that almost defaulted over its debt during the financial crisis — and Taiwan. A quarter of a century ago, the U.S. led the global ranking, and all other 10 leading nations were European with the exception of Japan, then ranked sixth. But 25 years of heavy debt and slow economic growth has pulled Japan, still the world’s third largest economy, down to 25th place, behind sleepy Cyprus and Chile.
The United Arab Emirates, home to the economic hub Dubai, is the first place in the Middle East to make the list, coming in at 18. Israel places 20th. (The Palestinian territories are not included in the survey, but considering an unemployment rate that’s three times higher and per capita income almost 30 times lower than its neighbor’s, it would arguably rank much lower.)
Latin America’s most auspicious place is its country with the highest life expectancy, Costa Rica, which comes in at 30, ahead of Brazil (37), Mexico (39) and Argentina (40). South Africa is the best place to be born in Africa, but that’s still not saying much: the country comes in at 53. China, the world’s second largest economy, ranks 49th. India, the world’s most populous democracy, ranks 66th.
Among the 80 countries surveyed, Nigeria ranked last. Riven by poverty, corruption and sectarian violence, “it is the worst place for a baby to enter the world in 2013,” the study said.


Read more: http://newsfeed.time.com/2012/11/29/where-is-the-best-place-to-be-born-in-2013/#ixzz2Dhre6GHM

රනිල් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න හදනවා - කැෆේ..

රනිල් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න හදනවා - කැෆේ..

Saturday, November 24, 2012

Friday, November 23, 2012

වැඩියෙන් චොකලට් කන්න වැඩියෙන් බුද්ධිමත් වෙන්න


ඔබ චොකලට් වැඩිපුර කනවද ? එහෙමනම් ඔබේ බුද්ධි මට්ටම වඩා ඉහල විය හැකියි .
වෛද්‍ය ෆ්රාන්ස් මෙසර්ලි සිදුකල අධ්‍යයනයක් වාර්තා කරන එංගලන්ත වෛද්‍ය සඟරාවක් පවසන්නේ වැඩිපුර 
චොකලට් කන මිනිසුන් සිටින රටවලින් වැඩියෙන් නොබෙල් සම්මානලාභීන් බිහිවී ඇති බවයි .
දැනට ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සේවය කරන ,ස්විස් ජාතික වෛද්‍ය මෙසර්ලි 
පවසන්නේ ,මම හෝටල් කාමරයේ වැඩක් නැතිව සිටින වෙලාවක ,රටවල් කිහිපයක චොකලට් පරිභෝජනයත් 
එම රටවලින් බිහිවී ඇති නොබෙල් සම්මාන ලාභීන් ගන්නත් ප්‍රස්තාරයක සටහන් කළා .මට ඇස් අදහන්නත් බැරිවුණා 
මේ දෙය දැක්කහම .
රටක චොකලට් පරිභෝජනය හා එම රටින් බිහිවුන නොබෙල් ත්‍යාග ලාභීන් ගණන අතර විස්මිත හා ප්‍රබල විද්‍යාත්මක 
සම්බන්ධතාවක් ඇති බව මෙසර්ලි ගේ මෙම අධ්‍යනයෙන් හෙළි කරයි .

කොකෝවා ,කොළ තේ ,රතු වයින් හා සමහර පලතුරු වල තිබෙන  වන ප්‍රති ඔක්සිකාරකයක් වන ෆ්ලෙවොනයිඩ් ,
චොකලට් වල බහුලව අඩංගු වී ඇත .ෆ්ලෙවොනයිඩ් මගින් අපගේ චින්තන ශක්තිය වැඩිකරනු ලබන බව සිතන්නේ 
යයි මෙම අධ්‍යනය සඳහන් කරයි .
ෆ්ලෙවොනයිඩ් නිසා මොලයට සපයනු ලබන රුධිර ප්‍රමාණය වැඩි වීමෙන් ,සිතීමේ ශක්තිය වැඩිවීමත් ,මානසික ව්‍යාකුල 
බව අඩු කිරීමත් සිදුවන බව අදහස් කල හැකි යැයි වාර්තාව පෙන්වා දෙයි .
චොකලට් පරිභෝජනය මගින් බුද්ධිමය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බව  වාර්තාගත වී ඇති අතර ,භාවිතා කරන 
ප්‍රමාණය මත එමගින් බුද්ධිමතුන් බිහිවීමට හැකි විපුල සරු බිමක් සකසන බවක් පෙන්නුම් කරන්නේ යැයි මෙසර්ලි පවසයි . 
තද දුඹුරු පැහැති චොකලට් අනුභව කිරීම වඩාත් ප්‍රතිඵල දායක බවත් පෙන්වාදෙනු ලබයි .

හදවත ලයමත පිහිටි දැරිය


ඔඩ්රිනා කාර්ඩන්ස් දැරිය ,මීට සති පහකට පෙර ටෙක්සාස් ළමා රෝහලේදී උපත ලැබුවේ සුවිශේෂී ස්වභාවයකිනි .
ඇය උපදින විට ඇගේ හදවත පිහිටා තිබුනේ ඇගේ සිරුරේ පිටතය .මෙය ඉතා දුර්ලභ හා මාරාන්තික තත්වයක් ලෙස 
වෛද්‍යවරු හඳුන්වති .සාමාන්‍යයෙන් දරු උපත් දස ලක්ෂයකට අටක් පමණ මෙලෙස උපදින බවත් ,ඒවා බොහෝ 
විට මළ දරු උපත් වීම හෝ ඉපදී දින තුනක් ඇතුලත මියයන බවත් ,වෛද්‍යවරු පවසති .
නමුත් ඔඩ්රිනා ජීවත් වීමට වාසනාව ලද්දාය .
පසුගියදා ඇය ඉපදුන ටෙක්සාස් ළමා රෝහලේදී ,දැඩි අවදානම් සහගත ශල්‍යකර්මයකින් ඇගේ හදවත සිරුර තුල 
රඳවනු ලැබූ අතර ,ඇගේ දිවි රැක ගැනීමට හැකිවේයැයි වෛද්‍යවරු සුබවාදී බලාපොරොත්තු තබා සිටිති .
ඔඩ්රිනා උපදින විට ඇගේ හදවත ඉතා නිරෝගීව හා හොඳින් ක්‍රියාකාරීව තිබුණි .
මෙම අතිශය සංකීර්ණ සැත්කම සිදුකල වෛද්‍ය කණ්ඩායමේ නායක ,ශල්‍ය වෛද්‍ය චාර්ල්ස් ෆ්රේසර් පවසන්නේ 'ශල්‍ය 
කර්මය ඉතා හොඳින් අවසන් කල බවත් ,දැරියගේ රෝගී ස්වභාවය පිළිබඳව නිශ්චිතව පැවසීමට තවම වේලාසන වැඩි බව 
 

බව හා මේ දක්වා ඉතා හොඳ තත්වයෙන් සිටිනවා කියයි .