Friday, November 30, 2012

මස් කන්න ආපු පෙරේතයා

ඌරු මස්‌ කන්න ආ අමුත්තා     (  දිවයින පත්‍රයෙන් )

විමලසිරි අගලකඩ

සුසාන භූමිය ස්‌වභාවයෙන් ම ඇතැමුන්ට බිය උපදවන තැනකි. තවත් අයෙකු, දැඩි කලකිරීමකට පත්කරවන තැනකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි වාසය කරන්නේ අමනුස්‌සයෝ ම යෑයි මිනිසුන් විශ්වාස කරන හෙයිනි.

නමුත් කනත්තෙහි නිවාස තනා පදිංචි වන්නෝ නොසිටියත් මෙහි මායිමේ ජීවත්වන්නෝ බොහෝ වෙති. ඔවුන්ට නම් ඒ බිය මත කලකිරීම ඇති නොවුණත් ඇතැම් විටෙක අමනුෂ්‍යයන්ගේ ගති ස්‌වභාවය නම් නොදැනුණාමත්a නොවේ. මේ එවැනි කතාවකට සාක්‍ෂියක්‌ සපයමින් කනත්තක්‌ අසල පදිංචිකරුවකුගේ බිය උපදවන කතා ප්‍රවෘත්තියකි. මෙම නිවස පිහිටියේ සුසාන භූමියේ ඉහළ කෙළවරේය. වැටටම අල්ලා තනා තිබූ එහි මුළුතැන්ගෙයි ජනේලයෙන් සුසානභූමියෙහි කෙරෙන සියලු කාර්යයන් මනාව දර්ශනය විය. එහෙත් නිවැසියන්ට ඒ සියල්ල සාමාන්‍ය දේ වූහ.

දිනකට මිනීs එකක්‌ හෝ දෙකක්‌ මිහිදන් කෙරෙන මෙහි නිතර හඬා වැටෙන්නෝ කෙළවරක්‌ නැත. එහෙත් මේ නිවැසියන්ට නම් ඒවායේ ගණනක්‌ නැත. පසුගිය දිනෙක දරුවන්ගේ ආහාර වේලට මස්‌ කරියක්‌ එකතු කිරීමේ අදහසින් පියා ඌරුමස්‌ කිලෝවක්‌ ගෙන ආවේ අඳුර වැටීමත් සමගය. කොතරම් ආදාහන කටයුතු කෙරුණත් මස්‌, මාළු ඉවීම් පිහීම් කෙරෙන මෙම නිවසෙහි එදිනද ඌරු මස්‌ කරිය සෑදීමට දෙගිඩියාවක්‌ නම් ඇති නොවීය. ඒ වන විටත් කනත්තෙහි මිහිදන් කර තිබූ තැනෙක ඉටි පහනක්‌ දෙකක්‌ දැල්වෙමින් තිබුණේ මළ පුද්ගලයාට ආලෝකය සපයන්නාක්‌ මෙනි.

"ගේන දෙයක්‌ වේලාසන ගේනවා නම් නේ හොඳ. දැන් මේව හදල පුංචි එවුන්ට කන්න දෙන්න වෙලාවක්‌වත් තියෙනවායෑ"

සැමියාගේ ප්‍රමාදය කෙරෙහි තරමක අමනාපයක්‌ දැක්‌වූ බිරිඳ කිsයා ගෙන යද්දී "අපට නිදිමත නෑ අම්මේ" පොඩි එවුන් එකහඬින් කීහ.

"ඔව් ඉතිං තාත්තා වගේ නැතෑ. උඹලටත් මස්‌ කිව්වොත් ඊට එහා දෙයක්‌ නැහැනේ." සිතෙහි වූ කේන්තිය පොඩි දරුවන්ගේ හඬින් නිවී ගිය පේමවතී මස්‌ පාර්සලය ද රැගෙන මුළුතැන්ගෙට ගියේ හැකි ඉක්‌මනින් එය පිළියෙල කරන්නටය.

"මස්‌ ටික මම කපල දෙන්නෙයි. සිය බිරිඳ තනිවම කුස්‌සියේ කරන ජරමරය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිකරගත් සැමියා ඇයගෙන් විමසුවේ තරමක්‌ ලෙන්ගතුකමකිනි.

නෑ.... ඕන නෑ... ඔයා පොඩි උන් ටිකත් එක්‌ක ඉන්න. එහෙම නැති වුණොත් එයාල බුදිය ගනියි.

ඔයා කලබල වෙන්න එපා. පේමෝ දැන් නම් එයාල කොහොමවත් බුදියන්නේ නැහැ කියා පියා නිවසින් පිටතට බසිද්දී යළිත් ආපසු හැරී බැලුවේ ගත උණුසුම් කර ගැනීමට යන ගමනට බිරිඳ යුද ප්‍රකාශ කරාවි යෑයි දෙගිඩියාවෙනි.

පේමවතී ලහි ලහියේ රතුපාටින් බැබලුන මස්‌ කැබැල්ල පාර්සලයෙන් පිටතට ගෙන කපන ගමන් ඇතිලියකට දැම්මාය. ඉන් අනතුරුව ලුණු ඇඹුල් මිශ්‍ර කර අනෙක්‌ පහේ යොදා ළිප තබා සාලයට ආවේ "දරුවෝ" කුමක්‌ කරනවාදැයි බලන්නටය.

"කෝ පුතේ තාත්තා"

"තාත්තා ගියා" බාලම දරුවා පිළිතුරු සපයද්දී වැඩිමලා මවගේ මුහුණ දෙස බලා සිටියාය.

"ලොකු දරුවො තාත්තා කොහාටද ගියේ"

ඔය කඩේට යන්න ඇති අම්මේ. එයා දැන් ඒවි.

පේමවතී බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැලුවාය. එහි රාත්‍රි නවය පසුවී තවත් විනාඩි කිහිපයක්‌ පසුවී තිබිණි. දැන් දරුවන්ගේ නිදිමත උග්‍ර වේගෙන එන වෙලාව හෙයින් ඈ නැවත මුළුතැන් ගෙට දිව ගියේ ඌරුමස්‌ කරිය ඉක්‌මනින්aම බාගන්නටයි.

ඒ වනවිටත් ළිප තිබූ වළඳෙහි මස්‌ කැබලි චොර චොර හඬින් උඩ පැන පැන නටද්දී පොල්කටු හැන්දක්‌ ගෙන එය එහාටත් මෙහාටත් පෙරළ පෙරළා තැම්බී ඇත්දැයි බැලීය.

"පුතේ උඹල කෑවද"

පියා නිවසට ආපසු එන ගමන්ම දරුවන්ගේ ආහාර වේල ගැන විමසුවේ සැකයක්‌ ඇති නොවන්නටයි.

"තවම නැහැ තාත්තෙ"

"මෙච්චර වෙලා අම්ම මොනවද බං කරන්නේ".

"ඔව් තාත්තේ අපටත් දැන් බඩගිනියි කියූ දරුවෝ කුස්‌සියට දිවයමින් නැවතත් රූපවාහිනිය අසලට ආවේ "තාමත් නෑ තාත්තේ කියමිනි."

ඌරුමස්‌ කරිය දැන් පදමට සැකසී ඇතත් පේමවතී එය තහවුරු කර ගැනීම සඳහා පොල්කටු හැන්දට ගත් මස්‌ කෑල්ලක්‌ රස බලන්නට සූදානම් වූවාය

"මටත් කෑල්ලක්‌"

ජනේලය අසල සිටි කවුදොa කියනවා ඇයට ඇසිණි. එහෙත් එය ගණනකට නොගත් පේමවතී ඒ දෙස නොබලාම මස්‌ කැබැල්ලෙන් තවත් කොටසක්‌ කඩා හපන්නට වූවාය.

"මටත් කෑල්ලක්‌"

යළිත් වරක්‌ ඇසෙන නොඇසෙන හඬින් කියනවා ඇයට ඇසිණ.

එවරද ගණනට නොගෙන පේමවතී ඉතිරි මස්‌ කැබැල්ලද කටේ රුවා හපන්නට හදනවාත් සමග දෙතුන් දෙනෙක්‌ ඒ හඬින්ම "මටත් මටත්" කියනවා ඇසුණෙන් ඇය ජනේලය දෙස හැරී බැලුවාය.

එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ඒ වන විට සොහොනේ දැල්වෙමින් තිබූ ඉටි පහන්වලින් දෙක තුනක්‌ හැරෙන්නට අනෙක්‌ ඒවා සියල්ල නිවී ගොස්‌ තිබිණි.

මෙම සිදුවීමෙන් තරමක්‌ කුතුහලයට පත් පේමවතී තම දරුවන්වත් ජනේලය අසලට ආවාදැයි සිතමින් නැවත සාලයට ගියාය.

"පුතාල දැන් කුස්‌සියට ආවාද?"

"අපි ආවේ නෑ". දරුවෝa එක හඬින් කියද්දී සැමියාද කීවේ කිසිවෙක්‌ නොආ බවයි.

මේ සිදුවීමත් සමග ඇය යළිත් වරක්‌ මුළුතැන්ගෙට ගියේ තරමක සැකයකිනි. එහෙත් බියක්‌ නම් දැනුණේ නැත.

"කවුද එහෙනම් මගෙන් මස්‌ ඉල්ලුවේ" යි සිතමින් ඒ වන විටත් ළිප තැබූ ඌරු මස්‌ වළඳ බාගනිද්දී යළිත් වරක්‌ "මටත් ටිකක්‌" යෑයි කවුදොa කියනවා ඇසිණි.

මින් වඩාත් කලබලයට පත් ඇය, මිට නැති මන්න පිහිය ගෙන ජනේලය අසලට කිට්‌ටු වෙද්දී නාසය කඩා හැලෙන දුර්ගන්ධයත්a සමග යමක්‌ පෙනී නොපෙනී යනවා දක්‌නට ලැබිණි. එදා සිට මෙම නිවසේ රාත්‍රි කාලයෙහි මස්‌ හෝ මාළු පිසීමට කිසි උනන්දුවක්‌ දක්‌වා නැතත් එවැන්නක්‌ පිළියෙල කරනවා නම් දහවල් කාලයේදී සියල්ල අවසන් කරන බව ඔවුහු පැවසූහ.
 

No comments: