Tuesday, November 6, 2012

ඔබාමට ඡන්දය දීමත් ,ඔබේ කන්‍යාභාවය නැතිවන අවස්ථාව වගේ (වැදගත් )


ඔබේ කන්‍යාභාවය අහිමිවීම නිකම්ම පුද්ගලයකු අතින් නොව ,කඩවසම් ,කාන්තාව
ගැන සැලකිලිමත්වන ,අවබෝධයක් ඇති වැදගත් අයෙක් අතින් විය යුතුයි .
ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක දන්වීමකට පෙනී සිටිමින් ,ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනී නිළියක වන ,ලීනා ඩන්හැම් පවසයි .
මෙම දැන්වීම බොහෝ ජනතා අවධානයට පත්වූ අතර විවේචකයින් පවසන්නේ ,
ඡන්දයදීම හා ලිංගිකත්වය සංසන්දනය කරන මෙම උත්සාහයෙන් ඔවුන් විමතියට
හා කැලඹීමට පත්වූ බවයි .
ඩන්හැම් ව්‍යංගයෙන් පවසන්නේ මීට පෙර ඇයගේ මුල්ම ඡන්දය ඔබාමාට දුන් බවත්
එය ඇය කන්‍යාවියකව සිට ගැහැනියක බවට පත්වීම හා සමාන බවත්ය .
ඩන්හැම් නිර්දේශ කරන්නේ තරුණියක් පළමු වරට ලිංගිකව එක්වන්නේ නම් ,එය බැරක් ඔබාමා සමග කිරීමදැයි විවේචකයෝ ප්‍රශ්න කරති .
ඡන්දය දීමේ ක්‍රියාවලිය ලිංගිකකරණය කරඇති මෙම දැන්වීම ඉතා නුසුදුසු එකක්
බවත් ,දියණියන් සිටින පවුල් මෙම දැන්වීම නොබැලිය යුතු බවත් ඔවුන් පවසති .
විසිහය හැවිරිදි ලීනා ඩන්හැම් ,පසුගිය ගිම්හානයේදී රූපවාහිනී එමී සම්මාන තුනක්
සඳහා නාම යෝජනා ලැබුවාය .
යු ටියුබ් හරහා ලීනා ගේ මෙම දැන්වීම නරඹන්නන්ගේ ප්‍රමාණය දිනකට ලක්ෂ තුන
ඉක්මවයි .

No comments: