ඔඩ්රිනා කාර්ඩන්ස් දැරිය ,මීට සති පහකට පෙර ටෙක්සාස් ළමා රෝහලේදී උපත ලැබුවේ සුවිශේෂී ස්වභාවයකිනි .ඇය උපදින විට ඇගේ හදවත පිහිටා තිබුනේ ඇගේ සිරුරේ පිටතය .මෙය ඉතා දුර්ලභ හා මාරාන්තික තත්වයක් ලෙස
වෛද්‍යවරු හඳුන්වති .සාමාන්‍යයෙන් දරු උපත් දස ලක්ෂයකට අටක් පමණ මෙලෙස උපදින බවත් ,ඒවා බොහෝ
විට මළ දරු උපත් වීම හෝ ඉපදී දින තුනක් ඇතුලත මියයන බවත් ,වෛද්‍යවරු පවසති .
නමුත් ඔඩ්රිනා ජීවත් වීමට වාසනාව ලද්දාය .
පසුගියදා ඇය ඉපදුන ටෙක්සාස් ළමා රෝහලේදී ,දැඩි අවදානම් සහගත ශල්‍යකර්මයකින් ඇගේ හදවත සිරුර තුල
රඳවනු ලැබූ අතර ,ඇගේ දිවි රැක ගැනීමට හැකිවේයැයි වෛද්‍යවරු සුබවාදී බලාපොරොත්තු තබා සිටිති .ඔඩ්රිනා උපදින විට ඇගේ හදවත ඉතා නිරෝගීව හා හොඳින් ක්‍රියාකාරීව තිබුණි .
මෙම අතිශය සංකීර්ණ සැත්කම සිදුකල වෛද්‍ය කණ්ඩායමේ නායක ,ශල්‍ය වෛද්‍ය චාර්ල්ස් ෆ්රේසර් පවසන්නේ 'ශල්‍ය
කර්මය ඉතා හොඳින් අවසන් කල බවත් ,දැරියගේ රෝගී ස්වභාවය පිළිබඳව නිශ්චිතව පැවසීමට තවම වේලාසන වැඩි බව
බව හා මේ දක්වා ඉතා හොඳ තත්වයෙන් සිටිනවා කියයි .
No comments:
Post a Comment