සුදිසි

නිදහසේ අසිරිය රිසිසේ විඳින්නට පිවිසෙන්න ඇරයුම් සුදිසි දැක්මට

Monday, November 19, 2012

කලවැද්දා

Photo: ජෙනරාල් අනාථ කරන අශුද්ධ සංධානයක්: නායකයා හුලස්: කුමන්ත්‍රණය හෙළිවේ---------------------

(ලංකා ඊ නිව්ස් -2012.නොවැ.19, ප.ව.1.30) ජෙනරාල් සරත් ෆොන්සේකා සමාජ ගත වීම වැලැක්වීම ස`දහා අශ=ද්ධ සංවිධානයක් මගින් විපක‍ෂයේ සංවිධානයක් ගොඩ නැගීමේ කටයුතු මේ දිනවල රාජ්‍ය අනුගහය සමග ටිරාං හුලස්ගේ නායකත්වයෙන් ලහි ලහියේ සිදුවන බවට තොරතුරු ලැබී පවති.

මෙම සැලසුම ක්‍රියාත්මක කිරීමේ මහා මොළ කරුවන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ හමුවක් පසුගිය 08 වෙනි බ්‍රහස්පතින්දා දහවල් අරලිය ගහ මන්දියට යාබද පිහිටා ඇති "කොලම්බෝ ස්විමින් ක්ලබ් හීදි" පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇත. මෙම සාකච්ඡාව ටිරාං හුලස්, හේමකුමාර නානායක්කාර යන අයගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇති අතර බැසිල් රාජපක‍ෂ හා තවත් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු නියෝජනය කරමින් තවත් තිදෙනෙකුද මෙම සාකච්ඡාවට එක් වී ඇත.

මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක‍ෂ නියෝජනය කරන දෙදෙනා ටිරාං හුලස් තම වගකීම මුලදීම හරිහැටි ඉටු නොකල බැවින් ජෙනරාල් ෆොන්සේකා ඔහුගේ ග්‍රහනයෙන් මිදුන බවට චෝදනා කොට ඇති අතර ටිරාං හුලස් පවසා ඇත්තේ ජෙනරාල් ජනාධිපති හමුවට ගෙන යාමට තමන් නොගත් උත්සහායක් නොමැති බවත් ඔහුගේ ඉල්ලීමට ජෙනරාල් දැඩි විරෝධය දැක්වු නිසා ඔවුන් අතර බහින් බස් වීම් නිතර සිදු වූ බවත්ය. එහිදී එම නියෝජිතවන් පෙන්වා දී ඇත්තේ ටිරාං හුලස් ලේකම් ධූරයෙන් ඉවත් වීමට ගත් හදිසි තීරණය ප්‍රායෝගික නොවන බවත් තවදුරටත් ජෙනරාල් වරයා සමග සබ`ද කම් පවත්වමින් ඔහු තමනගේ ග්‍රහනයට ගැනිමට ප්‍රමුඛතාවය නොදුන් බවත්ය. එහිදී ටිරාං හුලස් පවසා ඇත්තේ තමන් එවැනි ලිපියක් ජෙනරාල්වරයාට තවම යොමු නොකල බවත්ය. එහිදී එම නියෝජිතයන් ටිරාංගේ මීඩියා ගේම් නිසා සියල්ල අවුල් සහගත තත්ත්වයකට පත් වී ඇති බවට දෝශාරෝපනය කර ඇත.

"මම ජනරාල්ට කිව්වා ජනාධිපති ඔබව හිරේ දැමීම සම්බන්ධව කණගාටුවන බවත් නිදහස් කිරීමට ගත් තීරණයට එම නිසා කෘතඥතාවය ඔහු හමුවී දැක්විය යුතු බවත්, නමුත් ජනරාල් දැඩි මතයක සිටිනවා, කණගාටුවනවා නම් ජනාධිපතිත් ඔහු සිටි කාලසීමාව හිරේ සිටිය යුතු බවත් ඊට පසු අවශ්‍ය නම් සාකච්ඡා කල හැකි බවත්. මම ඔහුව ජනාධිපති ලගට ගෙනියාමට ගත්ත උත්සාහය නිසා තමයි අප අතර විරසකය සිද්ධ වුනේ, ජයන්ත කැටගොඩත් මාගේ අදහසට විරුද්ධ මතයක සිටි නිසාත් මම එතනදී තනි වුනා." ටිරාං හුලස් කියා ඇත

"අර්ජුනත් ගත්තේ වැරදි වෙලාවක වැරදි තීරණයක් අනිවාර්යයෙන්ම අර්ජුනගේ තීරණය පිටුපස ඉන්නේ ටිරාං බව සමාජ මතයක් එන එක වලක්වන්න බැහැ. ඒ විතරක් නොවෙයි ජෙනරාල් ඊලඟට නැගී සිටින්නේ ඔය දෙන්නම නැතිව ඒක හරි භයානකයි. තීරාණාත්මක මොහොතකදී දෙන්නාම ඉල්ලා අස්වුනානම් බලපෑමක් කරන්න තිබුනා." හේමකුමාර නානායක්කාරද තම අදහස් දක්වමින් කියා ඇත.

ඉදිරියේදී මීට වඩා දුරදිග බලා සාකච්ඡා කිරීමෙන් පසු තීරණ වලට යා යුතු බවත් තනි තනි තීරණ ගැනීමේ අවාසි එන්නේ ආණ්ඩුවට බවත් සංවිධානයේ රහසිගත භාවය ආරක‍ෂා කිරීමට සියලූ දෙනා පුර්ණ ලෙස අදිටන් කළ යුතු බවත් එසේ නොවුනහොත් තමන්ට දේශපාලන වශයෙන් අනාථ වීමට සිදු වන බවත් හේමකුමාර නානායක්කාර දැඩි ලෙස අවධාරණය කොට ඇත.

ටිරාං හුලස් ගේම් එකේ අවසාන අනාථයා අර්ජුන නොවේ
-----------------------------------------------------------------
තමන ගේම් වලටම උපන් කෙනෙකු යැයි නිතර කටමැද දොඩවන ටිරාං හුලස් තම අගසව්වා ලෙස කටයතු කල අර්ජුන රණතුංගද ගේම් එකකින් අනාථ කර දැම්මේ ඇඟට පතට නොදැනීය.

ප්‍රජාතන්ත්‍රවාදී පක‍ෂයෙන් ඉල්ලා අස්වන ලෙසට අර්ජුන රණතුංගට දැඩි බලපෑමක් කල ටිරාං තමාත් එම පක‍ෂයේ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වන බවත් දෙදෙනාම එකවර එය සිදුකල යුතු බවත් අවධාරනට කොට ඇත. ඒ අනුව අර්ජුන රණතුංග ප්‍රජාතන්ත්‍රවාදී පක‍ෂයේ නියෝජ්‍ය නායක ධූරයෙන් හා පක‍ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බවට එම පක‍ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත ලිපියකින් දැනුම් දුන්නේය.

මාධ්‍යන් තුලින් ඊට විශාල ප්‍රතිචාරයක් දැක්වූ ජනරාල් වරයා මාධ්‍ය ඉදිරියේ ලිඛිත කරුණු අවධාරනය කරමින් කියා සිටියේ ටිරාං හුලස් පක‍ෂයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වුවත් තවම ඔහුට එවැනි ලිපියක් නොලැබුන බවය.

මේ පිළිබ`දව මාධ්‍ය ටිරාං හුලස්ගෙන් විමසූ විට ඔහු කියා සිටියේ මාස තුනකට පෙර එම ලිපිය යවා ඇති බවය. මීට මාස තුනකට පමණ පෙරද ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වූ බවට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ඔහු විසින් දියත් කරන ලදී. එම දිනවල මාධ්‍ය ඔහුගෙන් ඒ පිළිබ`දව විමසූ විට ඔහු ඊට කිසිදු පිළිතුරක් නොදී මුනිවත රැක්කේය. මේ පිළිබ`දව ජෙනරාල් වරයාගෙන් විමසා සිටිවිට ඔහු කියා සිටියේ තැපෑලට දැමූ ලිපියක්වත් මාස තුනක් යන තුරු නොලැබීමට හේතුව තමන් නොදන්නා බවය.

නමුත් ඊයේ ටිරාං හුලස් දැනුම් දුන්නේ තමන් එවැනි ලිපියක් අතින්ම ගොස් කාර්යාලයට ලබාදුන් බවය.

කෙසේ වුවද විවිධ තරාතිරම් වල පුද්ගලයන් අනාථයන් බවට පත්කිරීමේ ඉතිහාසයක් ඇති ටිරාං හුලස්ගේ ගේම් එකේ අවසාන අනාථයා අර්ජුන රණතුංග නොවන බව මධ්‍යස්ථ දේශපාලන විචාරකයන්ගේ අදහසය.

පාර්ලිමේන්තුවේ අඩුම වචන කථාකල මන්ත්‍රීන් අතරින් ටිරාං මුල් තැනට
--------------------------------------------------------------------------------
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටින මන්ත්‍රීවරු 225 දෙනාගෙන් අඩුම වචන සංඛ්‍යාවක් ප්‍රකාශ කර ඇති මන්ත්‍රි වරු 15 දෙනෙකු සිටින බවට හඳුනාගෙන ඇත. මෙම 15 දෙනාගෙන් අඩුව වචන පාවිච්චි කොට ඇති මන්ත්‍රීවරයා වන්නේ ටිරාං හුලස් බවත් ඔහු පාවිච්චි කොට ඇති වචන සංඛ්‍යාව 01 ක් බවත් කථානායකවරයාට ඉදිරිපත් කොට ඇති වාර්ථාවකින් පෙන්වා දී ඇත.

එම වචනයද ඔහු පාවිච්චි කර ඇත්තේ ආණ්ඩුවෙන් ඉදිරිපත් කරන ලද පනතකට 'අකමැතියි' කියා පමණි. නමුත් ඔහු එම වචනය හරිහැටි උච්චාරණය නොකල නිසා ඡන්ද ගණනය කිරීමේදී ඔහුගේ ඡන්දය ගණනය වී ඇත්තේ 'කැමතියි' යනුවෙනි. එමෙන්ම ඔහු පාර්ලිමේන්තුවට සහභාගිවනු ලබන්නේ මාස 03 කට එක් දිනක් බවත් එසේද ඔහු සහභාගී වන්නේ මාස 03 කට වැඩි කාලයක් පාර්ලිමේන්තුවට නොපැමිනියහොත් මන්ත්‍රී ධූරය අහෝසි වන නිසා බවත්ය. ටිරාං හුලස් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයට පත්කරනු ලැබූයේ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සංවිධානයේ ජාතික ලැයිස්තුවෙනි. ඊයේ දින විපක‍ෂනායක වරයා විසින් පාර්ලිමේන්තුවේදී මේ පිළිබ`දව කථානායක වරයාට දැනුම් දුන් අතර මෙවැනි මහජන නියෝජිතයන්ට විශේෂ සම්මානයක් පිරිනැමිය යුතු බව පෙන්වා දෙනු ලැබීය.

ටිරාං හුලස් අතිශයින් පාඩු ලබන පත්තර ගහන්නේ ජනාධිපතිවරණයට ලැබුණු මුදල් වලින්
---------------------------------------------------------------------------------

දිගින් දිගටම පාඩු ලබන මව්බිම පුවත්පතට මාස් පතා මිලියන ගණනින් සල්ලි පොම්ප කරන්නේ කෙසේදැයි සෙවීමට විශේෂ පරීක‍ෂණයක් ආරම්භ කරන ලෙස විවිධ සංවිධාන නියෝජනය කරන පාර්ශවයක් විසින් පොලිස්පතිවරයාගෙන් සහ අල්ලස් සහ දූෂණ කොමසාරිස් වරයාගෙන් ඉල්ලා සිටිමට සූදානම් වන බව වාර්ථා වේ.

මෙම පාර්ශවයේ නියෝජනයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන්, නීතිවේදීන්, විදේශගත වී සිටින ව්‍යාපාරිකයන් සහ මාධ්‍ය වේදීන් පිරිසක් ඇතුලත්ව සිටිති. ඔවුන් ලිඛිත ඉල්ලීමක් මගින් ඉල්ලා සිටීමට සූදානම්වන්නේ ලැඛෙන ආරංචි මාර්ග අනුව මව්බිම දිනපතා පුවත්පත සහ ඉරිදා පුවත්පත විශාල පාඩු ලබමින් තිඛෙන බවය. 

දිනපතා පුවත්පතක් රු. 20 වැනි මුදලකට පාඨකයන් අතට ලබා දුන්නද රු. 80 කට ආසන්න මුදලක් එහි මුද්‍රණ වියදම් ස`දහා වැයවේ. ඒ ද ඇතුලූ පිටු සියල්ල ක`ඵ, සුදු වන්නේ නම් පමණි. නමුත් මව්බිම පුවත්පතේ සියළු පිටු වර්ණ පිටුය. පුවත්පතක් මේ සියළු පාඩු පියවා ගන්නේ දැන්වීම් මගිනි. නමුත් මව්බිම පුවත්පතට ලැඛෙන්නේ රාජ්‍ය අනුග්‍රහය මත ලැඛෙන දැන්වීම කිහිපයක් පමණි. වරක් දිනපතා පුවත් පතට ලැබී තිබුනේ දැන්වීම් 6 කි. ඒ ද මිල වැඩි මුල්පිටුවේ හෝ අවසන් පිටුවේ කිසිදු දැන්වීමක් නැතිවය. සම්පූර්ණ පිටුවේ හෝ භාග පිටුවේ කිසිදු දැන්වීමක් නැතිවය. මෙලෙස දිගින් දිගටම පාඩු පිට පත්තර ගැසිය නොහැක.

ලංකාදීප පුවත්පතට ලැඛෙන දැන්වීම් මු`ඵ මනින්ම උදුරා ගැනීම ස`දහා එහි දැන්වීම් කළමණාකරුව මව්බිම පුවත්පතට සම්බන්ධ කරගනු ලබන්නේ ලක‍ෂ 05 ක පමණ මාසික වැටුපක් ලබා දෙමිණි. නමුත් එම පුවත්පතට ලැඛෙන දැන්වීම් වලින් දශමයක දැන්වීමක්වත් මව්බිමට ලබා ගැනීමට ටිරාං හුලස් සමත්වූයේ නැත. පුවත්පතක් ලෙස මව්බිම පුවත්පතේ සිය`ඵ පුවත්පත් අලෙවි වන්නේ බ්‍රහස්පතින්දා දින පමණි. ඒ ද උපුල් ජෝෂප් ප්‍රනාන්දුගේ දේශපාලන විග්‍රහය සහ පලාඵල අතිරේකය නිසාය.

ඉරිදා පුවත්පතද අතිශයින් පාඩුලබමින් සිටින අතර මව්බිම පුවත්පත ආරම්භයේදී පුවත්පතේ අලෙවිය දෙවැනි ස්ථානයේ තිබුන අතර අද එම අලෙවිය පස්වැනි සහ හය වැනි ස්ථාන වල දෝලනය වෙමින් පවතින බව ඒජන්සි වාර්ථා ලැබී ඇත. නමුත් මව්බිම ආරම්භයේදී ටිරාං හුලස් ලංකාදීප සහ ලක්බිම රිවිර පුවත්පත් වලට අභියෝග කරමින් කියා සිටියේ එම පුවත්පත් ආයතන වසා දැමීමට තම පුවත්පත හරහා කටයුතු කරන බවය. ඔහු එම අභියෝග කරමින් එම ආයතන වල පලපුරුදු සේවකයන් විශාල වැටුප් තල වලටද බදවා ගනු ලැබීය.

මේ ආකාරයට අතිශය පාඩු ලබමින් මෙම පුවත්පත පවත්වාගෙන යාමට ටිරාං හුලස් මහතා සතුව පවතින විදේශවත්කම්ද සොයා බලන ලෙස මෙම පාර්ශවය විශේෂයෙන්ම ඉල්ලා සිටීමට සූදානම් වේ. ඔවුහු වැඩි දුරටත් අවධාරනය කරනු ලබන්නේ පසුගිය ජනාධිපතිවරණයේදී විදේශවලින් ලැබුනු බිලියන ගණනක විදේශ ආධාර ඔහු සන්තකව පවතින බවය. ජනාධිපතිවරණයේදී විදේශ රටවලින් ලැඛෙන සියලූ ආධාර ලබා ගැනීම ටිරාං හුලස් විසින් සිදු කල අතර එම මුදල් වලින් සියයට 10 ක් වත් මැතිවරණ කටයුතු වලට නොයෙදු බවට විවිධ පාර්ශව වලින් පසුගිය කාලයේදී චෝදනා එල්ල කෙරුණි. මෙම මුදල් විදේශ ගතවූවන් විසින් ස්ව කැමැත්තෙන් ලබා දී ඇත්තේ ටිරාං හුලස් ගේ පෞද්ගලික අවශ්‍යතා මුදුන් පමුණුවා ගැනීමට නොවන බවත් එම මුදල් ඔහුගේ අරමුණු ස`දහා යොදවා ගැනීමට ඔහුට කිසිදු සදාචාරාත්මක අයිතියක් නොමැති බවත් පෙන්වා දෙන මෙම නියෝජිතයන් මහජන මුදල් මෙසේ අයුතු සහගත ලෙස ර`දවා ගැනීම නීති විරෝධි ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට සූදානම් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස විමධ්‍යගත අරමුදල් වලින් ටිරාංට ලැඛෙන මුදලද මහජන කටයුතු වෙනුවෙන් වියදම් කළ යුතු වුවද ටිරාං එම මුදල් වියදම් කරන ආකාරයද රහසිගතය
Posted by sudisi.blogspot.com at 8:13 PM
Email ThisBlogThis!Share to XShare to FacebookShare to Pinterest

No comments:

Post a Comment

Newer Post Older Post Home
Subscribe to: Post Comments (Atom)

Pages

  • Home
  • සමනලපිටුව
  • ඔබේ ලග්නයට

Blog Archive

  • ►  2013 (7)
    • ►  January 2013 (7)
  • ▼  2012 (65)
    • ►  December 2012 (11)
    • ▼  November 2012 (20)
      • මස් කන්න ආපු පෙරේතයා
      • නිවස » පුවත් » කාගේ හෝ නිවසක මුල්ලක් කුලියට ගත...
      • ඉපදෙන්නට හොඳම රට
      • රනිල් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න හදනවා - කැෆේ..
      • දියඹරාව
      • කහ සහ සේර
      • කොල්ලුපිටියේ මංකොල්ලය
      • Baby With Outside Heart Saved by Surgeons
      • වැඩියෙන් චොකලට් කන්න වැඩියෙන් බුද්ධිමත් වෙන්න
      • හදවත ලයමත පිහිටි දැරිය
      • කලවැද්දා
      • රුව රැකීමේ සැබෑම රහස
      • වලස් රණ්ඩුවක්
      • දිය කිඳුරෝ
      • බාර් එක කිට්ටුව ඉන්නවනම් බොනවා වැඩිලු
      • Kung Fu baby
      • ඔබාමට ඡන්දය දීමත් ,ඔබේ කන්‍යාභාවය නැතිවන අවස්ථාව ව...
      • මොළය නොමැතිව ජීවත් වූ දරුවා මියයයි
      • http://www.amnesty.org/en/news/sri-lanka-s-empty-p...
      • ඔළුව ගැලවී බිම වැටෙයි
    • ►  October 2012 (17)
    • ►  September 2012 (17)

Followers

Simple theme. Powered by Blogger.