පෙප්ටයිඩ්,ලැක්ටික් ඇසිඩ් සහ රෙටිනෝල් නිසැකවම සමේ සියුම් රැලි ඇතිවීම අඩුකිරීම සහ වයසට යාම
ප්‍රමාද කිරීම සිදුකරනවා .
සම රැලි වැටීම අඩුකිරීම හා වයසට යාම පමා කරන බව පවසන ක්‍රීම් වර්ග හා ලෝෂන් වර්ග මිලදීගැනීම
සඳහා ලොව පුරා කාන්තාවන් වසරකට මුදල් බිලියන ගණනක් වැය කරති .
නමුත් මෙම නිෂ්පාදන ඇත්තටම ප්‍රතිඵල දායක දැයි පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව චර්ම
විද්‍යාව පිලිබඳ ඇමෙරිකානු ආයතනය පවසයි .නමුත් පොදුවේ ,වයසට යාමේ ලක්ෂණ පමාකරන ,පෙප්ටයිඩ
ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ් ,රෙටිනෝල් සහ ප්‍රති ඔක්සිකාරක වැනි ක්‍රියාකාරී රසායනික කිහිපයක් ඇතිබව
ඔවුන් පවසති .
නිව්යෝර්ක් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ,වෛද්‍ය එලිසබෙත් හේල් පවසන්නේ නිසැක ප්‍රතිඵල දෙන බව සහතික
කරන නිෂ්පාදන ඉතා බහුල ප්‍රමාණයක් තිබෙන නමුත් ,ප්‍රතිඵල දෙන්නේකුමක්ද ,නොදෙන්නේ කුමක්ද යන්න
අවිනිශ්චිත සහගත බවයි .
අප ,ක්‍රමයෙන් වයසට යද්දී ,සම මගින් නිපදවන කොලැජන් හා ඉලාස්ටින් ප්‍රමාණය අඩුවන අතර ,එමගින් සම
තුනීවීමත් ,එල්ලා වැටීමත් ,සියුම් රැලි ඇතිවීමත් සිදුවනවා .
වෙළෙඳ පොලේ ඇති නව නිෂ්පාදන බොහොමයක පෙප්ටයිඩ් ප්‍රෝටීනය අඩංගු වනඅතර ,එමගින් අලුත් චර්ම
සෛල වැඩීම උත්තේජනය කරන අතර චර්ම සෛල සුවෙන් තබනවා .
පෙන්සේල්වේනියා සරසවියේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඉවෝනා පර්සෙක් පවසන්නේ ,මෙම නිෂ්පාදන කොතරම්
ප්රතිඵලදායී දැයි තවම නිවැරදි විනිශ්චයක් කල නොහැකි නමුත් ,එසේ ප්‍රතිඵල දෙනවානම් සිදුවන්නේ සමෙහි
අඩුවන කොලැජන් හා ඉලාස්ටින් ප්‍රමාණය නැවත ස්ථාපිත කිරීමෙන් බවය .
සැලකිල්ලට ගතයුත්තේ පෙප්ටයිඩ් වල සංයුතිය මත එම අණු වල විශාලත්වය නිසා ,සමහරවිට සාර්ථකව
ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් සමේ ගැඹුරට විනිවිද නොයාමයි .
පෙප්ටයිඩ් මගින් සමෙහි තෙතමනය රඳවා ගැනීම තුලින් සමෙහි සියුම් රැලි දර්ශනය වීම අඩුකිරීම සිදුවන බව
සිතිය හැකියැයි වෛද්‍ය හේල් පවසයි .
පලතුරු හා කිරිසීනි වල අඩංගු ස්වභාවික සංඝටකයක් වන ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය ,සම මතුපිට ස්ථරය
ඉවත් කිරීමට බහුලව භාවිතා වෙනවා .එය සමෙහි මල සෛල ඉවත් කර අළුත් සෛල වර්ධනයට ඉවහල්
වන අතර ,සමෙහි ගැඹුරු ස්ථරය මතුපිටට ගෙන ඒම වේගවත් කරනවා .
ලැක්ටික් අම්ලය ,ග්ලයිකොලික් අම්ලය හා සිට්රික් අම්ලය සම මත එකිනෙකට වෙනස් කාර්යයන් සිදුකරනවා .
ලැක්ටික් අම්ලය මගින් (මීකිරි හා යෝගට් වල අඩංගු වේ )සමෙහි මල සෛල ඉවත්කර සැමට යම් දීප්තියක්
එක්කරයි .
ග්ලිකොලික් අම්ලය (උක්දඬු වල අඩංගු වේ )සමෙහි සියුම් රැලි අඩු කිරීමට සුළු වශයෙන් උපකාරී වන අතර
අවසානයේ සම සිනිඳු හා තිර බවට පත්කරයි .
විටමින් ඒ වල ස්වභාවික සංඝටකය වන රෙටිනෝල් මගින් ,සමෙහි ඝනත්වය හා ප්‍රත්‍යස්ථතාව ඉහල නංවමින්
සම වයසට යාම පමා කරයි .රෙටිනෝල් මගින් සමෙහි රැලි හා සියුම් ඉරි වැටීම වලකන බවට සෑහෙන සාක්ෂි
ඇතැයි වෛද්‍ය හේල් පවසයි .දරු ගැබේ විකෘති ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි බැවින් ගර්භනී කාන්තාවන්
විටමින් ඒ භාවිතයෙන් වැළකිය යුතුයැයි ඔවුන් පෙන්වා දෙති .
නියමිත සංයුතියෙන් යුතු ප්‍රති ඔක්සිකාරක මගින් ,වයසට යාම පමාකරන බව පවසන ඇමෙරිකානු ජාතික
සෞඛ්‍ය ආයතනය ,බීටා කැරොටීන් ,ලයිකොපීන් ,සෙලේනියම් ,විටමින් ඒ,සී ,හා ඊ වල ප්‍රති ඔක්සිකාරක ගුණ
අඩංගු බව පවසයි .
පලතුරු ,එළවලු ,ඇට වර්ග ආදී බොහෝ ආහාර වල ප්‍රති ඔක්සිකාරක අඩංගු වේ .
No comments:
Post a Comment