Thursday, November 8, 2012

බාර් එක කිට්ටුව ඉන්නවනම් බොනවා වැඩිලු


‍‍‍‌‌වෘත්තීය සෞඛ්‍යය පිලිබඳ පින්ලන්ත ආයතනයේ පර්යේෂකයින් සිදුකල අධ්‍යයනයකින් පසු ,ඔවුන් පවසන්නේ
මත්පැන් අලෙවි සලක් කිට්ටුව පදිංචි පුද්ගලයින් වැඩිපුර බීමට නැඹුරුවක් පෙන්වන බවයි .
බාර් එකේ සිට කිලෝමීටරයකට වැඩි ඈතක පදිංචි පුද්ගලයට වඩා ,කිලෝමීටරයකට අඩු දුරකින් පදිංචි පුද්ගලයින්


වැඩිපුර මත්පැන් බීමට දක්වන නැඹුරුව සියයට දහතුනකින් වැඩිබව ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා .
නිවසේ සිට මත්පැන් හලට ඇති දුර අඩුවීම හෝ වැඩිවීම මත ,පුද්ගලයකු බීමට වැඩියෙන් යොමුවීමේ හැකියාව
සියයට දහහතකින් වෙනස්වන බව  පෙන්වා දෙනු ලබනවා .
තුර්කි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුස්සි වතෙරා සහ ජානා එල් හැලොනන් නමැති පර්යේෂිකාව මෙම
අධ්‍යයනය සිදුකර තිබෙනවා .
මෙසේ වැඩියෙන් මත්පැන් බීමට යොමුවීම පින්ලන්තයට වඩා ,මහා බ්‍රිතාන්‍යයේදී හා ඔස්ට්‍රේලියාවේදී වඩා
බහුලව සිදුවන අතර ඇමෙරිකාවේ තරමක් අඩු මට්ටමක් පෙන්වනු ලබනවා .
මහාචාර්ය ජුස්සි වතෙරා පවසන්නේ 2001 වසරේදී මත්පැන් මිල ,පහල දැමීම හේතුවෙන් තනිව ජීවත්වන
පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ,මත්පැන් හේතුකොට සිදුවුණ මරණ අනුපාතය ඉහල ගිය බවයි .
මත්පැන් පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව මත ,වැඩකරන වයසෙහි පසුවන පුද්ගලයින් වැඩියෙන් බීමට
නැඹුරු කරවන බවට මෙම අධ්‍යයනය සාක්ෂි සපයන බව පවසන ඔවුන් ,පුද්ගලයින්ගේ වැඩකිරීමේ හැකියාව
හා වේගය දුර්වල කිරීම ඇතුළු මහජන සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් මේ සමග බැඳී පවතින බව පෙන්වා දෙති .

No comments: