ඔබේ දත් කහ පැහැ ගැහිලාද ?දන්නා හැම දන්තාලේපයකින්ම මැද්දත් හරිගියේ නැහැ නේද ?
වෙළෙඳ පොලේ තිබෙන දත් සුදු කරන දන්තාලේපවල මිලත් ඉතා අධිකයි .ඉතින් මොකද කරන්නේ ?
හරිම ලේසියි .දත් සුදු කරන මිල අධික දන්තාලේප බොහොමයක අඩංගු ක්‍රියාකාරී රසායනිකය වන
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් තමයි දත් සුදු පැහැ ගන්වන්නේ .
ඉතින් ලොකු මුදලක් වැය නොකර ඔබට ලෙහෙසියෙන්ම ඔබේ දත් දෙපලත් සුදු පැහැ කරගන්න
පුළුවන් .
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මේස හැන්දකට බේකින් සෝඩා මේස හැඳි දෙකක් එකතුකර හොඳින් මිශ්‍ර
කර ,සාමාන්‍ය විදියට ඔබේ දත් මදින්න .විනාඩියක් හෝ දෙකක් මුව තුල තිබෙන්න හැර හොඳින්
සෝදා හරින්න .දින කීපයක් මදින විට ඔබේ දත් සුදු වන හැටි බලන්න .
ඊට අමතරව කොට්න් බඩ් එකක් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වලින් පොඟවා දත් මත හොඳින් අතුල්ලන්න .
ක්‍රමයෙන් දත් සුදු පැහැ ගනීවි .
හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගිලීමෙන් වලකින්න .