Lankaenews
13 hours ago
සරසවි ඇදුරන්ගේ ඉහලම ඇවරිය අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශය උපදෙස් දීලා-------
(ලංකා ඊ නිව්ස් -2012.සැප්.30, ප.ව.11.55) සරසවි ඇදුරු සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් මහතා සහ ආචාර්ය දඹර අමිල හිමියන් අත් අඩංගුවට ගැනීමට අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩී) රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්) විසින් අද රාත්‍රී උපදෙස් දී ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
සරසවි ඇදුරු සම්මේලනයේ ප්‍රධානීන් වන ඉහත කී දෙදෙනා රාජ්‍ය විරෝධී ආකාරයෙන් කටයුතු කළ බවට චෝදනා ගොනු කළ හැකි බව එස් අයි එස් උපදේශකයන් දැනුම් දී තිබේ.
පා ගමනේ අවසන් දිනයේ හයිඩ් පිටියේ කළ කතාවන් අනුව ඉහත කී චෝදනා ගොනු කළ හැකි බවත් ඒ අනුව උසාවි නියෝගයක් රැගෙන එම දෙදෙනා අත් අඩංගුවට ගැනීමට අවස්ථාවක් තිඛෙන බවත් දැනුම් දී තිබේ.
අද රාත්‍රී 8 ට පමණ මෙම උපදේශය අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ වරයාට ලබා දී තිබේ.
බුද්ධි අංශ තොරතුරු වාර්තාවේ සඳහන් වන්නේ ''සිතැඟියාව පරිදි නීතිමය පියවර ගැනීම සඳහා දැනුම් දෙන'' බවයි.
හෙට ඔක්තෝබර් 01 දා ආචාර්ය වරුන්ට පඩි වැඩි කර ඇතැයිද යළි රාජකාරියට එන ලෙසද ව්‍යාජ ආරාධනාවක් ඇමැතිවරයා විසින් ඊයේ කරන ලදී. අවශ්‍ය වන්නේ මගුල් ගෙවල් වලට එන මෙන් ආරාධනා කිරීම නොවන බවත් වෘත්තීය අරගලය නිමා කිරීමට සැබෑ ප්‍රායෝගික අවශ්‍ය විසඳුම් බවත් සරසවි ඇදුරුවරුන් විසින් ඊට ප්‍රතිචාර ලෙස දක්වා තිබිණ.
එවැනි තත්වයක් මත රාජ්‍ය බුද්ධි සේවාවේ උපදේශය වඩාත් වැදගත් කමක් ගනී. මන්ද යත් එම වාර්තාවේ සඳහන් වන පරිදි 'සිතැඟියාව පරිදි' තීරණ ගන්නේ කව්ද යන්න නිශ්චිත බැවිනි. අද සිරි ලංකාවේ සියළු අංශයන්හි තීරණ ගන්නේ රාජපක්ෂ රෙජීමයේ 'සිතැඟියාව පරිදි ය'.
සරසවි ඇදුරන් අත් අඩංගුවට ගැනීමට වරෙන්තු ඉල්ලු සීඅයිඩිය සවුත්තු වේ
සරසවි ඇදුරෝ මහනායක හිමිවරුන් හමුවෙති---------
(ලංකා ඊ නිව්ස් -2012.ඔක්.01, ප.ව.6.30) සරසවි ඇදුරු සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් සහ ආචාර්ය දඹර අමිල හිමියන් අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට අද අධිකරණයට ගිය අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට සවුත්තු වී පල්ලම් බැස යාමට සිදුව ඇතැයි 'ලංකා ඊ නිව්ස්' වෙත වාර්තා වේ.
'ලංකා ඊ නිව්ස්' ඊයේ හෙළි කළ පරිදි රාජ්‍ය බුද්ධි සේවය (එස්අයිඑස්) විසින් අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුවට (සීඅයිඩියට) ඊයේ රාත්‍රී උපදෙස් දී තිබුනේ සරසවි ඇදුරු සම්මේලනයේ ප්‍රධානීන් වන ආචාර්ය නිර්මාල් සහ ආචාර්ය දඹර හිමියන් විසින් පා ගමනේ අවසන් දින හයිඩ්පාක් රැලියේදී කළ කතා අනුව රාජ්‍ය විරෝධී චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත් අඩංගුවට ගත හැකි බවයි.
මේ අනුව සීඅයිඩියේ පොලිස් පරීකෂක අනුර සිල්වා ආචාර්ය වරුන් අත් අඩංගුවට ගැනීමට අධිකරණ වරෙන්තුවක් ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද රහස්‍ය වාර්තාවක් (වයිට් පේපර්) ඉදිරිපත් කෙළේය. නමුත් පසු විපරම් වාර්තාවකින් පමණක් පුද්ගලයෙකු අත් අඩගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළ නොහැකි යයි මහේස්ත්‍රාත් වරයා සීඅයිඩියට පැවසීම නිසා සීඅයිඩියේ උත්සාහය ව්‍යර්ථ වී තිබේ.
මේ අතර සරසවි ඇදුරු සම්මේලනයේ ප්‍රධානීහු අද මල්වතු අස්ගිරි මහ නායක හිමිවරුන් බැහැ දුටුවෝය. ඉන් පසු මාධ්‍යයට ප්‍රකාශයක් කළ ආචාර්ය දඹර අමිල හිමියන් කීවේ තම ඉල්ලීම් සියයට සියයක්ම සාධාරණ බව මහ නායක හිමි දෙපොල විසින් පිළිගත් බවයි. මේ සම්බන්ධයෙන් අස්ගිරි මහනායක හිමියන් නියෝජිත පිරිසක් සමග ජනාධිපති හමුවී සාකච්ඡා කරන බව කී බවත් මල්වතු මහනායක හිමියන් ද මේ ගැන ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට එකඟ වූ අතර ඒ සඳහා ලියැවිල්ලක් තමා වෙත ඉදිරිපත් කරන ලෙස ඇදුරුවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් දඹර අමිල හිමියෝ පැවසූහ.
No comments:
Post a Comment