Saturday, October 6, 2012

තාත්තව මැරුවේ මේ අයයි


පියාගේ අභිරහස්‌ මරණය ගැන දියණිය ආරූඪයෙන් කියයි!
"මිනීමරුවන්ට නිසි දඬුවම් දුන්නොත් මා මේ ශරීරයෙන් අයින් වෙනවා"

අලුත්ගම - හෙන්රි

පසුගිය වසරේ (2011) නොවැම්බර් 25 වැනිදා පානදුර ගොරකානේ සොහොන් භූමිය අසලදී මියගිය තිදරු පියකුගේ අභිරහස්‌ මරණය ගැන සියලු විස්‌තර මියගිය අයගේ බාලම දියණිය විසින් ආරූඪයෙන් මෙන් ප්‍රකාශ කර තිබේ.

තොරතුරු අනාවරණය වන අන්දමට අභිරහස්‌ ලෙස මෙසේ මියගොස්‌ ඇත්තේ පානදුර ගොරකානේ පදිංචිව සිටි සමන් සිරි පීරිස්‌ (පාලිත) නමැති 43 ක්‌ වයසැති තිදරු පියෙකි.

මොහුගේ අභිරහස්‌ මරණය පිළිබඳව සියලු තොරතුරු කියනුයේ ඔහුගේ බාලම දියණිය වන තිළිණි ඉෂාරා නමැති 11 හැවිරිදි දැරියකි. ඇය 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇය ආරූඪයෙන් මෙන් පවසන ආකාරයට සිද්ධිය මෙසේය.

මගේ (පියාගේ) රැකියාව පොහොර නිෂ්පාදනය කර අලෙවි කිරීමයි. එදා හවස මම පොහොර ගෙන එන්න ගොරකානට ගියා. එදා හරියට වැස්‌ස. විදුලි කොටනවා. මම හිsටියේ හරක්‌ මඩුවක. ඒ වැස්‌සේ එතැනට ආපු හතර දෙනෙක්‌ මාව වටකරගෙන ගැහුවා. මේ ගහනකොට උන් මගෙන් ඇහුවා උඹේ බිරිඳයි, දරුවන් තිදෙනාවයි විනාශ කරන්නද නැත්නම් උඹේ ගේ දෙනවද කියලා. එහෙම අහලා මට හොඳටම පහර දුන්නා.

මගේ ගේ දුන්නම අපි ඉන්නේ කොහෙද කියලා මා ඇහුවා. ඒව අහන්නේ නැතිව උන් කිව්වේ ගේයි ඉඩමයි දුන්නේ නැතිනම් මාව එල්ලනවා කියලයි. උන් මගේ ඇස්‌ දෙක බැන්දා බෙල්ලට ලණුවක්‌ දැම්මා. මම හයියෙන් කෑගැහුවා. මගේ හඬ ප්‍රදේශය පුරා පැතිර යන්න ඇති. නමුත් කවුරුවත් මිනිස්‌සු ආවේ නැහැ. ත්‍රීවීල් එකක කකුල් හප්පලා මගේ කකුල් කැඩුවා. දරුවන්ගේ භාරය ඔප්පු කරන්න සිරිපාදේ යන්න රුපියල් 16,000 ක්‌ කැබිනට්‌ එකේ තිබ්බා. ඒවත් උන්ගත්තා. බැංකුපොත් ටිකත් ගත්තා. ත්‍රීවීල් එකේ ණය ගෙවන්න තිබූ සල්ලිත් උන් ගත්තා.

මේ හැම දේම වෙලා ගෙදර අය පොලිසියට ගියත් වැඩක්‌ වුණේ නැහැ. පොලිසියේ අය ගෙදර අයව පන්නා ගන්නවා. පොලිසියේ අය උන්ගේ පැත්තමයි ගන්නේ.

No comments: