- වෙන්දේසිය අවසන් .කැටරිනා ගේ කන්‍යාභාවයට මිල නියමවේ .
- ජයග්රාහි ලංසුව ඩොලර් හත්ලක්ෂ අසුදාහයි
- ජයග්‍රාහකයා ජපන් ජාතිකයෙක් .
- මම සිරුර විකුණන්නේ එක් වරයි .මම ගණිකාවක් නොවෙයි .
-
චිත්‍රපට කණ්ඩායමක් සියල්ල රූගතකර වාර්තා චිත්‍රපටයක් හැදීමට සූදානම්.
විසි හැවිරිදි බ්‍රසීල ජාතික ශිෂ්‍යාවක් වන කැටරිනා මිග්ලියෝරිනි ,අන්තර් ජාලය හරහා කල වෙන්දේසියකදී තම කන්‍යාභාවය ඇමෙරිකානු ඩොලර් හත්ලක්ෂ අසුදහසකට අලෙවි කිරීමට එකඟවී ඇත .ඇමෙරිකාවේ ජැක් මිලර් ,ජැක් රයිට් සහ ඉන්දියාවේ රුද්‍රා චැටර්ජී සමග කල තියුණු තරගයකින් පසු ,නට්සු නමැති ජපන් ජාතිකයා ,ඇගේ කන්‍යාභාවය මිලදී ගත්තේය . කැටරිනා තම කන්‍යාභාවය විකුණා ලබාගන්නා මුදල් ,ඇය වාසය කරන බ්‍රසීලයේ සැන්ටා කැටරිනා ප්‍රදේශයේ දිළිඳු කමින් පීඩිත ජනයාට නිවාස සාදාදීම සඳහා ,රාජ්‍ය නොවන සංවිධානයකට පරිත්‍යාග කිරීමට එකඟවී ඇත .කැටරිනා ගත් මෙම පියවර නිසා ඇයට ලොව දස දෙසින් විරෝධතා ගිනිපුපුරු එල්ලවූ අතර ,ඇය ගණිකාවක් ලෙස හංවඩු ගැසුහ . “ මම මේ දේ දකින්නේ වෙළෙඳ ගනුදෙනුවක් ලෙස පමණයි .මේක එක වරක් කලා කියල කෙනෙකු ගණිකාවක් වෙන්නේ නැහැ .මම හදවතින්ම ප්‍රේමාන්විත කෙල්ලෙක් .මම ආදරය ගැන විශ්වාස කරනවා .මා කරන දෙයින් මගේ ප්‍රදේශයට විශාල වෙනසක් සිදුවේවි “.ඇය පවසන්නීය .කැටරිනා හා ජපන් ජාතික නට්සුගේ එක්වීම ,ඇමෙරිකාව හා ඔස්ට්‍රේලියාව අතර ගමන් කරන ගුවන් යානයක් තුලදී සිදුවනු ඇති අතර ,ලිංගික එක්වීම හැර ,සියලු සිදුවීම් මුල සිට අවසානය දක්වා රූගත කර වාර්තාමය චිත්‍රපටියක් නිපදවීමට ඕස්ට්‍රේලියානු චිත්‍රපට කණ්ඩායමක් කටයුතු සූදානම් කර ඇත .ජපන් ජාතික නට්සු ,කැටරිනාට මුහුණ දීමට පෙර ,තමන් ලිංගික රෝගයකින් නොපෙළෙන බව සහතික කිරීම සඳහා වෛද්‍ය පරීක්ෂණයකට ඉදිරිපත් විය යුතුය.උපත් පාලන කොපුවක් පැළඳීම අනිවාර්ය වන අතර ,කිසිම ලිංගික උපකරණයක් පාවිච්චි කිරීම තහනම්ය .ජපන් ජාතිකයාගේ අනන්‍යතාවය තහවුරු වන කිසිම ඡායාරූපයක් මාධ්‍යයට නිකුත් කරන්නේ නැත .
No comments:
Post a Comment