සාධූ !සාධූ !සාධූ !සර්වඥධාතු වඳින්ට හැම තැනම මහා ජනගඟක් ය .කිලෝමීටර් ගානක් දිග පෝලිම් වලට ,ශ්රද්ධාවෙන් නැහැවී නැහැවී අව්වට වේලී වේලී ,වැස්සට තෙමි තෙමී මේ ජනතාව පුදුමාකාර කැප කිරීමකි .සර්වඥ ධාතු බලන්නටය .වඳින්නටය .මේ ප්රදර්ශනය කරන බැතිය ශ්රද්ධාව සැබෑවටම මිනිසුන්ගේ සිත්තුල තිබේදැයි යන්න ගැන ,සැකමුසුවක් සිතට නැගෙන්නේමුළු රට පුරා ඔඩුදුවා ඇති අපරාධ ගැන සිහිවන විටය .මොවුන් කරනා මේසා කැපකිරීම ,සරල බෞද්ධ ප්රතිපත්ති ටිකවත්රැකගැනීමට යොදවන්නේ නම් ,මුළු සමාජයම සාමකාමී හා ආදර්ශමත් බවින් පිරීයනු ඇත .එහෙත් සිදුවී ඇත්තේ කුමක්ද ?මුළුරටම මිනිස් ඝාතන වලින් ,ස්ත්රී දුෂණයෙන්,කප්පම් ගැනීම් වලින් ,මංකොල්ලකෑම් වලින් ,පැහැරගැනීම් වලින් ,අතුරුදහන් කිරීම්වලින් ,සුරාවෙන්,දුරාචාරයෙන්,පලිගැනීම් වලින් ස්වයංපෝෂිතවී ඇත .මුළු ලෝකයම ලකාවේ මේ ආශ්චර්යය දෙස විස්මයෙන් බලාසිටී .ඒ වුණාට මේ බුදුන්ගේ දේශයයි .කියන්නේ එහෙමය.කෙරෙන්නේ මෙහෙමය.නීතිය රකින්නට ඉන්නාඑවුන් නිදිවැදිලාය .හිසේ සිට දෙපතුල දක්වා මහජන මුදලින් සැරසී ,මහජන මුදලින් බඩගෝස්තරය රැකගන්නා ඔවුන්ටමහජනයා ආරක්ෂා කිරීමට වඩා වැදගත් වන්නේ පාදඩ පාලක පැලැන්තිය රැකගැනීමය.නිධන් හැරීමය .ආශ්චාර්යයට ශ්රී ලංකාව තුල නිසි අර්ථකතනය දී ඇත.ධාතු වඳින්නට ආතබූත කඩාගෙන දුවන උපාසක අම්මලාට ,උපාසක අප්පලාට මේ ආශ්චර්යයපෙනෙන්නේ නැත.බුද්ධාලම්බන ප්රීතියෙන් නිර්වානාභිමුඛව සිටින්නා සේය .අනේ සාධු !මේ බුදුන්ගේ දේශයයි .
No comments:
Post a Comment