වර්ෂ 1976 දී ඉන්දියාවේ ලක්නව් ප්‍රදේශයට ආසන්න සුල්තානාපුර් දිස්ත්‍රික්කයේ කැලෑවක් තුලදී ,ගම් ප්‍රධානියෙකුට ,වෘක පැටවුන්තිදෙනෙකු සමග කෙලි සෙල්ලම් කරමින් සිටි මිනිස් දරුවකු දකින්නට ලැබිණි .පසුව ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය වාර්තා කර තිබුණේ,අවුරුදු අටක් පමණ වූ එම දරුවාගේ නියපොතු සතෙකුගේ නිය මෙන් වැඩි විකරණය වී තිබූ බවත්,සිරුර පුරා වැඩුණු ලෝම එකටපටලැවී තිබූනු අතර හිසකෙස් හැඩපලු ගෙතී ඇති බවකි .වලසකු මෙන් දිස්වූ නිසා ,ගම් ප්‍රධානියා එම දරුවා බාලු ලෙස නම් කළේය පසුව එම නම බාස්කර් ලෙස වෙනස් කරනු ලැබීය.බොහෝ දෙනා එම දරුවා "වෘක කොල්ලා"වශයෙන් හැඳින්විය.ඒ ඔහු වෘකයකුට දාව බිහිවී ඇතැයි සිතනු ලැබූ නිසාය .ගම් ප්‍රධානියා එම දරුවාව ශීලාචාර කිරීමට බලාපොරොත්තු වුවත් ඔහුගේ උත්සාහයන් අසාර්ථක විය .අවසානයේදී මිෂනාරීන් විසින් පුණ්‍ය කටයුත්තක්ලෙස අසරණ වුවන් හා දුප්පතුන් වෙනුවෙන් පවත්වාගෙන ගියා ප්‍රේම් නිවාසයට බාස්කර් ඇතුලත් කරන ලද අතර ,1985 දී මියයන
තුරු ඔහු එහි ජීවත් වූවේය.
No comments:
Post a Comment