විස්මිත සිදුවීම්
ලින්කන් සහ කෙනඩි 1963 වසරේ නොවැම්බරයේ ඇමෙරිකානු ජනාධිපති ජෝන් කෙනඩි ඩලාස් නගරය වෙත නික්මයන්නට ස්වල්ප වෙලාවකට පෙර ඔහුගේ ලේකම්වරිය වූ එව්ලින් ලින්කන් ,එම ගමන නොයන ලෙස ඔහුට අනතුරු හැඟවුවාය.නමුත් කෙනඩි ඔහුට අත්වීමට යන ඛේදාන්ත ප්රතිවිපාකය පිලිබඳ ඇයගේ පුර්වාවවාදය ඉවත ලෑවේය.ටෙක්සාස් හි පාසැලක හයවන මහලේ පොත් ගබඩාවක සිට ලී හාවේ ඔස්වල්ඩ් නමැති ඝාතකයා තැබූ වෙඩි පහරකින් නොවැම්බර් 22 වන දින ජෝන් කෙනඩි ඝාතනය විය .මෙලෙසම ඝාතනයට ඇමෙරිකානුජනාධිපති ඒබ්‍රහම් ලින්කන් ගේ හා කෙනඩිගේ ඝාතනයේ සහ අනෙකුත් සිදුවීම් අරුම පුදුම සමානකම් රාශියක් දක්නට ලැබේ .ඒබ්‍රහම් ලින්කන් 1869 නොවැම්බර් 6 වන දින ජනාධිපති ලෙස පත්වුන අතර 1960 ,නොවැම්බර් 8 වන දින කෙනඩි ජනාධිපති ලෙස පත්විය .ලින්කන් 1846 දී කොන්ග්රස් සභාවට තේරී පත්විය.කෙනඩි 1946 දී කොන්ග්රස් සභාවට පත්විය ලින්කන් ඉපදී වසර සියයකට පසු කෙනඩි ඉපදී ඇත .ජනාධිපති වරුන්ගේ ඝාතකයෝ දෙදෙනා ඉපදී ඇත්තේ වසර එකසිය එකක පරතරයකිනි .නෘත්‍ය ශාලාවකදී ලින්කන් ගේ හිස පිටුපසට වෙඩි තැබූ ඝාතකයා ගබඩාවක් තුළට දිවගියේය .ගබඩාවක් තුල සිට කෙනඩිගේ හිස පිටුපසට වෙඩි තැබූ ඝාතකයා නෘත්‍ය ශාලාවක් තුළට දිව ගියේය .අපරාධකරුවන් දෙදෙනාම නඩු විභාගයකට ප්‍රථම ඝාතනයට ලක්විය .ලින්කන් හා කෙනඩි දෙදෙනාම ඝාතනය වුයේ සිකුරාදා දිනවලදී ඔවුන්ගේ භාර්යාවන් ඉදිරිපිටදීය.ෆෝඩ් නෘත්‍ය ශාලාව තුලදී ලින්කන්ට වෙඩි තැබුණු අතර,ෆෝඩ් සමගම නිපදවූ ලින්කන් වර්ගයේ රථයක් තුලදී කෙනඩි ට වෙඩි තබන ලදී .ජනාධිපතිවරු දෙදෙනාම තමන් එම දිනවලදී මරණයට පත්වන බව දැනසිටි බව පෙනේ .ලින්කන් ඔහුගේ ආරක්ෂකයාට කියා තිබුනේ "මාව මරන්න ඕන කෙනෙකු කිසි සැකයක් නැහැ ඒ දෙය කරනවා .එහෙම වුනොත් ඒ දෙය වළක්වන්නට කාටවත් පුලුවන්කමක් ඇත්තේත් නැහැ " කියායි.කෙනඩි තමන්ගේ බිරිඳට කියා තිබුනේ කාටහරි ජනේලයක් ඇතලෙන් රයිෆලයකින් මට වෙඩි තියලා මරන්න ඕනනම් කාටවත් ඒ දෙය නතර කරන්න බැහැ කියායි .
No comments:
Post a Comment