Wednesday, September 12, 2012

පෙනීම ලද අන්ධ දැරිය


සාමාන්‍යයෙන් කෙනෙකුගේ ඇසීම හෝ පෙනීම අහිමි වූවිට ,බොහෝ අවස්ථාවල ඔවුන්ගේ අනෙකුත් සංවේදී 
ඉන්ද්‍රියයන් වඩාත් කාර්යක්ෂමව හා නිවැරදිව ක්‍රියා කිරීමට පටන්ගන්නා බව බොහෝවිට විශ්වාස කෙරේ .
නමුත් සමහ‍ර වාර්ථාගත සිද්ධීන් අනුව එසේ අහිමිවන සංවේදනයන් සිරුරේ වෙනත් ස්ථානයකදී ක්‍රියාකරන්නට
පටන්ගන්නා බව පෙනී ගොස් ඇත .මේ එවැනි සිද්ධියකි.
මස තුනක පමණ කාලයක් දැඩිසේ රෝගාතුරව සිටි ,දහහතර හැවිරිදි දැරියකට ඈගේ දෑසේ පෙනීම සම්පුර්ණයෙන්ම 
අහිමි විය .දෑසේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම නැවතී තිබුනත් ඇය කියාසිටියේ තමන්ට හොඳින් පෙනෙන බවය .
මහත් ව්‍යාකුලභාවයට පත්වූ ඇගේ දෙමාපියන් ,දැරිය වෛද්‍යවරයකු කරා රැගෙන ගියහ .එහිදී ඔහු පරීක්ෂා රාශියක් 
කලේ,ඇය පවසන්නේ සත්‍යයක්දැයි සෙවීමටය .
ස්නායු ශල්‍ය විශේෂඥයා දැරියගේ දෑස් බැඳ ඇය ඉදිරියේ නොයෙක් භාණ්ඩ හා ද්‍රව්‍ය කිහිපයක් තබන ලදී .සැමදෙනාම 
විස්මයට ඇය ඒ සියලු දෑ වර්ණද සමගින් හඳුනා ගත්තාය.එපමණක් නොව ලිපියක් පවා කියවූවාය.වෛද්‍යවරයා 
ඇයගේ කන්පෙති මතට දීප්තිමත් ආලෝක ධාරාවක් එල්ලකලවිට ඇය වේදනාවෙන් හැකිලුනාය .තවද ඇයගේ 
නාසය අගට ඇඟිල්ලක් තැබූවිට,ඇය කෝපයට පත්ව,"මාව අන්ධ කරන්නද හදන්නේ ?"කියා කෑගැසුවාය .
ප්‍රත්‍යක්ෂ ලෙසම ඇයගේ දෘෂ්ඨි සංවේදනය ඇගේ නාස්තුඩ මත හා කන් පෙති මත ප්‍රති ස්ථානගතව තිබූ බව පෙනී ගියේය .
ඇයට නිකට මගින් ගඳ සුවඳ දැනීමේ හැකියාවද ඇති බව පැහැදිලි වුනි .

No comments: