Friday, November 30, 2012

මස් කන්න ආපු පෙරේතයා

ඌරු මස්‌ කන්න ආ අමුත්තා     (  දිවයින පත්‍රයෙන් )

විමලසිරි අගලකඩ

සුසාන භූමිය ස්‌වභාවයෙන් ම ඇතැමුන්ට බිය උපදවන තැනකි. තවත් අයෙකු, දැඩි කලකිරීමකට පත්කරවන තැනකි. මීට ප්‍රධාන හේතුව වී ඇත්තේ එහි වාසය කරන්නේ අමනුස්‌සයෝ ම යෑයි මිනිසුන් විශ්වාස කරන හෙයිනි.

නමුත් කනත්තෙහි නිවාස තනා පදිංචි වන්නෝ නොසිටියත් මෙහි මායිමේ ජීවත්වන්නෝ බොහෝ වෙති. ඔවුන්ට නම් ඒ බිය මත කලකිරීම ඇති නොවුණත් ඇතැම් විටෙක අමනුෂ්‍යයන්ගේ ගති ස්‌වභාවය නම් නොදැනුණාමත්a නොවේ. මේ එවැනි කතාවකට සාක්‍ෂියක්‌ සපයමින් කනත්තක්‌ අසල පදිංචිකරුවකුගේ බිය උපදවන කතා ප්‍රවෘත්තියකි. මෙම නිවස පිහිටියේ සුසාන භූමියේ ඉහළ කෙළවරේය. වැටටම අල්ලා තනා තිබූ එහි මුළුතැන්ගෙයි ජනේලයෙන් සුසානභූමියෙහි කෙරෙන සියලු කාර්යයන් මනාව දර්ශනය විය. එහෙත් නිවැසියන්ට ඒ සියල්ල සාමාන්‍ය දේ වූහ.

දිනකට මිනීs එකක්‌ හෝ දෙකක්‌ මිහිදන් කෙරෙන මෙහි නිතර හඬා වැටෙන්නෝ කෙළවරක්‌ නැත. එහෙත් මේ නිවැසියන්ට නම් ඒවායේ ගණනක්‌ නැත. පසුගිය දිනෙක දරුවන්ගේ ආහාර වේලට මස්‌ කරියක්‌ එකතු කිරීමේ අදහසින් පියා ඌරුමස්‌ කිලෝවක්‌ ගෙන ආවේ අඳුර වැටීමත් සමගය. කොතරම් ආදාහන කටයුතු කෙරුණත් මස්‌, මාළු ඉවීම් පිහීම් කෙරෙන මෙම නිවසෙහි එදිනද ඌරු මස්‌ කරිය සෑදීමට දෙගිඩියාවක්‌ නම් ඇති නොවීය. ඒ වන විටත් කනත්තෙහි මිහිදන් කර තිබූ තැනෙක ඉටි පහනක්‌ දෙකක්‌ දැල්වෙමින් තිබුණේ මළ පුද්ගලයාට ආලෝකය සපයන්නාක්‌ මෙනි.

"ගේන දෙයක්‌ වේලාසන ගේනවා නම් නේ හොඳ. දැන් මේව හදල පුංචි එවුන්ට කන්න දෙන්න වෙලාවක්‌වත් තියෙනවායෑ"

සැමියාගේ ප්‍රමාදය කෙරෙහි තරමක අමනාපයක්‌ දැක්‌වූ බිරිඳ කිsයා ගෙන යද්දී "අපට නිදිමත නෑ අම්මේ" පොඩි එවුන් එකහඬින් කීහ.

"ඔව් ඉතිං තාත්තා වගේ නැතෑ. උඹලටත් මස්‌ කිව්වොත් ඊට එහා දෙයක්‌ නැහැනේ." සිතෙහි වූ කේන්තිය පොඩි දරුවන්ගේ හඬින් නිවී ගිය පේමවතී මස්‌ පාර්සලය ද රැගෙන මුළුතැන්ගෙට ගියේ හැකි ඉක්‌මනින් එය පිළියෙල කරන්නටය.

"මස්‌ ටික මම කපල දෙන්නෙයි. සිය බිරිඳ තනිවම කුස්‌සියේ කරන ජරමරය කෙරෙහි අනුකම්පාවක්‌ ඇතිකරගත් සැමියා ඇයගෙන් විමසුවේ තරමක්‌ ලෙන්ගතුකමකිනි.

නෑ.... ඕන නෑ... ඔයා පොඩි උන් ටිකත් එක්‌ක ඉන්න. එහෙම නැති වුණොත් එයාල බුදිය ගනියි.

ඔයා කලබල වෙන්න එපා. පේමෝ දැන් නම් එයාල කොහොමවත් බුදියන්නේ නැහැ කියා පියා නිවසින් පිටතට බසිද්දී යළිත් ආපසු හැරී බැලුවේ ගත උණුසුම් කර ගැනීමට යන ගමනට බිරිඳ යුද ප්‍රකාශ කරාවි යෑයි දෙගිඩියාවෙනි.

පේමවතී ලහි ලහියේ රතුපාටින් බැබලුන මස්‌ කැබැල්ල පාර්සලයෙන් පිටතට ගෙන කපන ගමන් ඇතිලියකට දැම්මාය. ඉන් අනතුරුව ලුණු ඇඹුල් මිශ්‍ර කර අනෙක්‌ පහේ යොදා ළිප තබා සාලයට ආවේ "දරුවෝ" කුමක්‌ කරනවාදැයි බලන්නටය.

"කෝ පුතේ තාත්තා"

"තාත්තා ගියා" බාලම දරුවා පිළිතුරු සපයද්දී වැඩිමලා මවගේ මුහුණ දෙස බලා සිටියාය.

"ලොකු දරුවො තාත්තා කොහාටද ගියේ"

ඔය කඩේට යන්න ඇති අම්මේ. එයා දැන් ඒවි.

පේමවතී බිත්තියේ එල්ලා තිබූ ඔරලෝසුව දෙස බැලුවාය. එහි රාත්‍රි නවය පසුවී තවත් විනාඩි කිහිපයක්‌ පසුවී තිබිණි. දැන් දරුවන්ගේ නිදිමත උග්‍ර වේගෙන එන වෙලාව හෙයින් ඈ නැවත මුළුතැන් ගෙට දිව ගියේ ඌරුමස්‌ කරිය ඉක්‌මනින්aම බාගන්නටයි.

ඒ වනවිටත් ළිප තිබූ වළඳෙහි මස්‌ කැබලි චොර චොර හඬින් උඩ පැන පැන නටද්දී පොල්කටු හැන්දක්‌ ගෙන එය එහාටත් මෙහාටත් පෙරළ පෙරළා තැම්බී ඇත්දැයි බැලීය.

"පුතේ උඹල කෑවද"

පියා නිවසට ආපසු එන ගමන්ම දරුවන්ගේ ආහාර වේල ගැන විමසුවේ සැකයක්‌ ඇති නොවන්නටයි.

"තවම නැහැ තාත්තෙ"

"මෙච්චර වෙලා අම්ම මොනවද බං කරන්නේ".

"ඔව් තාත්තේ අපටත් දැන් බඩගිනියි කියූ දරුවෝ කුස්‌සියට දිවයමින් නැවතත් රූපවාහිනිය අසලට ආවේ "තාමත් නෑ තාත්තේ කියමිනි."

ඌරුමස්‌ කරිය දැන් පදමට සැකසී ඇතත් පේමවතී එය තහවුරු කර ගැනීම සඳහා පොල්කටු හැන්දට ගත් මස්‌ කෑල්ලක්‌ රස බලන්නට සූදානම් වූවාය

"මටත් කෑල්ලක්‌"

ජනේලය අසල සිටි කවුදොa කියනවා ඇයට ඇසිණි. එහෙත් එය ගණනකට නොගත් පේමවතී ඒ දෙස නොබලාම මස්‌ කැබැල්ලෙන් තවත් කොටසක්‌ කඩා හපන්නට වූවාය.

"මටත් කෑල්ලක්‌"

යළිත් වරක්‌ ඇසෙන නොඇසෙන හඬින් කියනවා ඇයට ඇසිණ.

එවරද ගණනට නොගෙන පේමවතී ඉතිරි මස්‌ කැබැල්ලද කටේ රුවා හපන්නට හදනවාත් සමග දෙතුන් දෙනෙක්‌ ඒ හඬින්ම "මටත් මටත්" කියනවා ඇසුණෙන් ඇය ජනේලය දෙස හැරී බැලුවාය.

එහෙත් කිසිවකු පෙනෙන්නට නැත. ඒ වන විට සොහොනේ දැල්වෙමින් තිබූ ඉටි පහන්වලින් දෙක තුනක්‌ හැරෙන්නට අනෙක්‌ ඒවා සියල්ල නිවී ගොස්‌ තිබිණි.

මෙම සිදුවීමෙන් තරමක්‌ කුතුහලයට පත් පේමවතී තම දරුවන්වත් ජනේලය අසලට ආවාදැයි සිතමින් නැවත සාලයට ගියාය.

"පුතාල දැන් කුස්‌සියට ආවාද?"

"අපි ආවේ නෑ". දරුවෝa එක හඬින් කියද්දී සැමියාද කීවේ කිසිවෙක්‌ නොආ බවයි.

මේ සිදුවීමත් සමග ඇය යළිත් වරක්‌ මුළුතැන්ගෙට ගියේ තරමක සැකයකිනි. එහෙත් බියක්‌ නම් දැනුණේ නැත.

"කවුද එහෙනම් මගෙන් මස්‌ ඉල්ලුවේ" යි සිතමින් ඒ වන විටත් ළිප තැබූ ඌරු මස්‌ වළඳ බාගනිද්දී යළිත් වරක්‌ "මටත් ටිකක්‌" යෑයි කවුදොa කියනවා ඇසිණි.

මින් වඩාත් කලබලයට පත් ඇය, මිට නැති මන්න පිහිය ගෙන ජනේලය අසලට කිට්‌ටු වෙද්දී නාසය කඩා හැලෙන දුර්ගන්ධයත්a සමග යමක්‌ පෙනී නොපෙනී යනවා දක්‌නට ලැබිණි. එදා සිට මෙම නිවසේ රාත්‍රි කාලයෙහි මස්‌ හෝ මාළු පිසීමට කිසි උනන්දුවක්‌ දක්‌වා නැතත් එවැන්නක්‌ පිළියෙල කරනවා නම් දහවල් කාලයේදී සියල්ල අවසන් කරන බව ඔවුහු පැවසූහ.
 

කාගේ හෝ නිවසක මුල්ලක් කුලියට ගත් පමණින් එකී නිවස තමන්ගේ වන්නේ නැහැ- මංගල සමරවීර

By RSL - Thu Nov 29, 7:16 pm
කාගේ හෝ නිවසක මුල්ලක් කුලියට ගත් පමණින් එකී නිවස තමන්ගේ යයි උදම් ඇනිය නොහැකි බවත්, ආණ්ඩු මේ මොහොතේ ජනතාව ගොනාට ඇන්දවීම සඳහා බොරු කියන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අද (29)කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පැවසීය.
ශ්‍රී ලංකාව විසින් ගුවන්ගත කළ බව කියන සැටලයිට් චන්ද්‍රිකාව වෙනුවෙන් වියදම් කරනු ලැබුවේ මහා රාජා‍ගේ මුදල්ද කොටි මුදල්ද යන්න දැන ගැනීමට අයිතියක් ජනතාවට ඇති බවත්, එය ශ්‍රී ලංකාව විසින් ගුවන්ගත කරනු ලැබූ පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව ලෙස රට තුළ මහත් ප්‍රසිද්ධියක් ලබාදුන්නද චීන මාධ්‍ය විසින් දිගින් දිගටම අනාවරණය කරනු ලැබ ඇත්තේ එය චීනය විසින් ගුවන්ගත කල 18 වන චන්ද්‍රිකාව වගයයි සමරවීර මහතා සඳහන් කළේය.
එක් චීන මාධ්‍යයක පමණක් එකී සැටලයිට් චන්ද්‍රිකාවේ තාක්ෂණයේ සුළු කොටසක් ශ්‍රී ලංකාවේ සමාගමක් විසින් මිලදී ගැනීමෙන් දායකත්වය ලබාදී ඇති බව වාර්තා කර තිබුණු බවත්, මුළු රටම ආර්ථික ගින්නකින් දැවෙමින් ජනතාව කුසගින්නේ තැවෙන විට රාජපක්ෂලා ජනතාවට තරු පෙන්නමින් සිටින බවත්, අහස පෙන්වා සැබෑ ප්‍රශ්නය යටපත් කරන්නට උත්සාහ දරන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
සමස්ත ජනයා කුසගින්න වෙනුවෙන් ආණ්ඩුවෙන් සහන ඉල්ලද්දී අධිවේගී රේස් කාර්වලට සහන දුන් බවත්, එය ප්‍රංශ විප්ලවයේදී ජනතාව පාන් ඉල්ලද්දී රැජින “පාන් නැත්නම් කේක් කාපල්ලා” යයි කීමට සමාන බවද සමරවීර මහතා අවධාරණය කළේය.
මීට පෙරාතුව සෝමාලියාව,ඉතියෝපියාව වැනි රටවලින් අසන්නට ලැබුණු දුක්ඛිත කතන්දර දැන් රට පුරා අසන්නට ලැබෙන බවත්, දරුවන්ට කෑම බීම සපයා දිය නොහැකි වූ අම්මලා තම දරුවන් මහ මග දමා යන්නටත්, පොලීසිවලට භාරදෙන්නටත් කටයුතු කරමින් සිටින බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Did you like Share it:

ඉපදෙන්නට හොඳම රට


Where Is the Best Place to Be Born in 2013?

The place to be
ARND WIEGMANN / REUTERS
A cow stands on a mountain-pass road in the Swiss Alps
Of course, it’s the country with the most bunkers per capita, whose people eat more chocolate, ride more trains and commit more suicides with guns than anyone else: Switzerland.
Using a set of parameters ranging from the number of seats in parliament held by women, to life expectancy, divorce rates and average rainfall, the Economist Intelligence Unit released its yearly ranking of countries that offer the best opportunities for life, liberty and pursuit of happiness for children born in the coming year.
Switzerland, a landlocked, multilingual country of 8 million at the heart of Europe but outside the E.U., leads the ranking, followed by Australia and Norway. Five of the top 10 countries are in Europe. Canada ranks ninth. The business hubs Singapore and Hong Kong are leading in Asia.
The U.S. ties with Germany at 16, behind Ireland — a country that almost defaulted over its debt during the financial crisis — and Taiwan. A quarter of a century ago, the U.S. led the global ranking, and all other 10 leading nations were European with the exception of Japan, then ranked sixth. But 25 years of heavy debt and slow economic growth has pulled Japan, still the world’s third largest economy, down to 25th place, behind sleepy Cyprus and Chile.
The United Arab Emirates, home to the economic hub Dubai, is the first place in the Middle East to make the list, coming in at 18. Israel places 20th. (The Palestinian territories are not included in the survey, but considering an unemployment rate that’s three times higher and per capita income almost 30 times lower than its neighbor’s, it would arguably rank much lower.)
Latin America’s most auspicious place is its country with the highest life expectancy, Costa Rica, which comes in at 30, ahead of Brazil (37), Mexico (39) and Argentina (40). South Africa is the best place to be born in Africa, but that’s still not saying much: the country comes in at 53. China, the world’s second largest economy, ranks 49th. India, the world’s most populous democracy, ranks 66th.
Among the 80 countries surveyed, Nigeria ranked last. Riven by poverty, corruption and sectarian violence, “it is the worst place for a baby to enter the world in 2013,” the study said.


Read more: http://newsfeed.time.com/2012/11/29/where-is-the-best-place-to-be-born-in-2013/#ixzz2Dhre6GHM

රනිල් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න හදනවා - කැෆේ..

රනිල් අධිකරණයේ ස්වාධීනත්වය විනාශ කරන්න හදනවා - කැෆේ..

Saturday, November 24, 2012

Friday, November 23, 2012

වැඩියෙන් චොකලට් කන්න වැඩියෙන් බුද්ධිමත් වෙන්න


ඔබ චොකලට් වැඩිපුර කනවද ? එහෙමනම් ඔබේ බුද්ධි මට්ටම වඩා ඉහල විය හැකියි .
වෛද්‍ය ෆ්රාන්ස් මෙසර්ලි සිදුකල අධ්‍යයනයක් වාර්තා කරන එංගලන්ත වෛද්‍ය සඟරාවක් පවසන්නේ වැඩිපුර 
චොකලට් කන මිනිසුන් සිටින රටවලින් වැඩියෙන් නොබෙල් සම්මානලාභීන් බිහිවී ඇති බවයි .
දැනට ඇමෙරිකාවේ නිව්යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ සේවය කරන ,ස්විස් ජාතික වෛද්‍ය මෙසර්ලි 
පවසන්නේ ,මම හෝටල් කාමරයේ වැඩක් නැතිව සිටින වෙලාවක ,රටවල් කිහිපයක චොකලට් පරිභෝජනයත් 
එම රටවලින් බිහිවී ඇති නොබෙල් සම්මාන ලාභීන් ගන්නත් ප්‍රස්තාරයක සටහන් කළා .මට ඇස් අදහන්නත් බැරිවුණා 
මේ දෙය දැක්කහම .
රටක චොකලට් පරිභෝජනය හා එම රටින් බිහිවුන නොබෙල් ත්‍යාග ලාභීන් ගණන අතර විස්මිත හා ප්‍රබල විද්‍යාත්මක 
සම්බන්ධතාවක් ඇති බව මෙසර්ලි ගේ මෙම අධ්‍යනයෙන් හෙළි කරයි .

කොකෝවා ,කොළ තේ ,රතු වයින් හා සමහර පලතුරු වල තිබෙන  වන ප්‍රති ඔක්සිකාරකයක් වන ෆ්ලෙවොනයිඩ් ,
චොකලට් වල බහුලව අඩංගු වී ඇත .ෆ්ලෙවොනයිඩ් මගින් අපගේ චින්තන ශක්තිය වැඩිකරනු ලබන බව සිතන්නේ 
යයි මෙම අධ්‍යනය සඳහන් කරයි .
ෆ්ලෙවොනයිඩ් නිසා මොලයට සපයනු ලබන රුධිර ප්‍රමාණය වැඩි වීමෙන් ,සිතීමේ ශක්තිය වැඩිවීමත් ,මානසික ව්‍යාකුල 
බව අඩු කිරීමත් සිදුවන බව අදහස් කල හැකි යැයි වාර්තාව පෙන්වා දෙයි .
චොකලට් පරිභෝජනය මගින් බුද්ධිමය ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බව  වාර්තාගත වී ඇති අතර ,භාවිතා කරන 
ප්‍රමාණය මත එමගින් බුද්ධිමතුන් බිහිවීමට හැකි විපුල සරු බිමක් සකසන බවක් පෙන්නුම් කරන්නේ යැයි මෙසර්ලි පවසයි . 
තද දුඹුරු පැහැති චොකලට් අනුභව කිරීම වඩාත් ප්‍රතිඵල දායක බවත් පෙන්වාදෙනු ලබයි .

හදවත ලයමත පිහිටි දැරිය


ඔඩ්රිනා කාර්ඩන්ස් දැරිය ,මීට සති පහකට පෙර ටෙක්සාස් ළමා රෝහලේදී උපත ලැබුවේ සුවිශේෂී ස්වභාවයකිනි .
ඇය උපදින විට ඇගේ හදවත පිහිටා තිබුනේ ඇගේ සිරුරේ පිටතය .මෙය ඉතා දුර්ලභ හා මාරාන්තික තත්වයක් ලෙස 
වෛද්‍යවරු හඳුන්වති .සාමාන්‍යයෙන් දරු උපත් දස ලක්ෂයකට අටක් පමණ මෙලෙස උපදින බවත් ,ඒවා බොහෝ 
විට මළ දරු උපත් වීම හෝ ඉපදී දින තුනක් ඇතුලත මියයන බවත් ,වෛද්‍යවරු පවසති .
නමුත් ඔඩ්රිනා ජීවත් වීමට වාසනාව ලද්දාය .
පසුගියදා ඇය ඉපදුන ටෙක්සාස් ළමා රෝහලේදී ,දැඩි අවදානම් සහගත ශල්‍යකර්මයකින් ඇගේ හදවත සිරුර තුල 
රඳවනු ලැබූ අතර ,ඇගේ දිවි රැක ගැනීමට හැකිවේයැයි වෛද්‍යවරු සුබවාදී බලාපොරොත්තු තබා සිටිති .
ඔඩ්රිනා උපදින විට ඇගේ හදවත ඉතා නිරෝගීව හා හොඳින් ක්‍රියාකාරීව තිබුණි .
මෙම අතිශය සංකීර්ණ සැත්කම සිදුකල වෛද්‍ය කණ්ඩායමේ නායක ,ශල්‍ය වෛද්‍ය චාර්ල්ස් ෆ්රේසර් පවසන්නේ 'ශල්‍ය 
කර්මය ඉතා හොඳින් අවසන් කල බවත් ,දැරියගේ රෝගී ස්වභාවය පිළිබඳව නිශ්චිතව පැවසීමට තවම වේලාසන වැඩි බව 
 

බව හා මේ දක්වා ඉතා හොඳ තත්වයෙන් සිටිනවා කියයි .

Wednesday, November 14, 2012

රුව රැකීමේ සැබෑම රහස


පෙප්ටයිඩ්,ලැක්ටික් ඇසිඩ් සහ රෙටිනෝල් නිසැකවම සමේ සියුම් රැලි ඇතිවීම අඩුකිරීම සහ වයසට යාම 
ප්‍රමාද කිරීම සිදුකරනවා .
සම රැලි වැටීම අඩුකිරීම හා වයසට යාම පමා කරන බව පවසන ක්‍රීම් වර්ග හා ලෝෂන් වර්ග මිලදීගැනීම 
සඳහා ලොව පුරා කාන්තාවන් වසරකට  මුදල්  බිලියන ගණනක් වැය කරති .
නමුත් මෙම නිෂ්පාදන ඇත්තටම ප්‍රතිඵල දායක දැයි පිළිගැනීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව චර්ම 
විද්‍යාව පිලිබඳ ඇමෙරිකානු ආයතනය පවසයි .නමුත් පොදුවේ ,වයසට යාමේ ලක්ෂණ පමාකරන ,පෙප්ටයිඩ 
ඇල්ෆා හයිඩ්රොක්සි ඇසිඩ් ,රෙටිනෝල් සහ ප්‍රති ඔක්සිකාරක වැනි ක්‍රියාකාරී රසායනික කිහිපයක් ඇතිබව 
ඔවුන් පවසති .
නිව්යෝර්ක් විශ්ව විද්‍යාල වෛද්‍ය මධ්‍යස්ථානයේ ,වෛද්‍ය එලිසබෙත් හේල් පවසන්නේ නිසැක ප්‍රතිඵල දෙන බව සහතික 
කරන නිෂ්පාදන ඉතා බහුල ප්‍රමාණයක් තිබෙන නමුත්  ,ප්‍රතිඵල දෙන්නේකුමක්ද ,නොදෙන්නේ කුමක්ද යන්න 
අවිනිශ්චිත සහගත බවයි .
අප ,ක්‍රමයෙන් වයසට යද්දී ,සම මගින් නිපදවන කොලැජන් හා ඉලාස්ටින් ප්‍රමාණය අඩුවන අතර ,එමගින් සම 
තුනීවීමත් ,එල්ලා වැටීමත් ,සියුම් රැලි ඇතිවීමත් සිදුවනවා .
වෙළෙඳ පොලේ ඇති නව නිෂ්පාදන බොහොමයක පෙප්ටයිඩ් ප්‍රෝටීනය අඩංගු වනඅතර ,එමගින් අලුත් චර්ම 
සෛල වැඩීම උත්තේජනය කරන අතර චර්ම සෛල සුවෙන් තබනවා .
පෙන්සේල්වේනියා සරසවියේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය ඉවෝනා පර්සෙක් පවසන්නේ ,මෙම නිෂ්පාදන කොතරම් 
ප්‍රතිඵලදායී දැයි තවම නිවැරදි විනිශ්චයක් කල නොහැකි නමුත් ,එසේ ප්‍රතිඵල දෙනවානම් සිදුවන්නේ සමෙහි 
අඩුවන කොලැජන් හා ඉලාස්ටින් ප්‍රමාණය නැවත ස්ථාපිත කිරීමෙන් බවය .
සැලකිල්ලට ගතයුත්තේ පෙප්ටයිඩ් වල සංයුතිය මත එම අණු වල විශාලත්වය නිසා ,සමහරවිට සාර්ථකව 
ක්‍රියාත්මක වීමට අවශ්‍ය තරම් සමේ ගැඹුරට විනිවිද නොයාමයි .
පෙප්ටයිඩ් මගින් සමෙහි තෙතමනය රඳවා ගැනීම තුලින් සමෙහි සියුම් රැලි දර්ශනය වීම අඩුකිරීම සිදුවන බව 
සිතිය හැකියැයි වෛද්‍ය හේල් පවසයි .
පලතුරු හා කිරිසීනි වල අඩංගු ස්වභාවික සංඝටකයක් වන ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය ,සම මතුපිට ස්ථරය 
ඉවත් කිරීමට බහුලව භාවිතා වෙනවා .එය සමෙහි මල සෛල ඉවත් කර අළුත්  සෛල වර්ධනයට ඉවහල් 
වන අතර ,සමෙහි ගැඹුරු ස්ථරය මතුපිටට ගෙන ඒම වේගවත් කරනවා .
ලැක්ටික් අම්ලය ,ග්ලයිකොලික් අම්ලය හා සිට්‍රික් අම්ලය සම මත එකිනෙකට වෙනස් කාර්යයන් සිදුකරනවා .
ලැක්ටික් අම්ලය මගින් (මීකිරි හා යෝගට් වල අඩංගු වේ )සමෙහි මල සෛල ඉවත්කර සැමට යම් දීප්තියක් 
එක්කරයි .
ග්ලිකොලික් අම්ලය (උක්දඬු වල අඩංගු වේ )සමෙහි සියුම් රැලි අඩු කිරීමට සුළු වශයෙන් උපකාරී වන අතර 
අවසානයේ සම සිනිඳු හා තිර බවට පත්කරයි .
විටමින් ඒ වල ස්වභාවික සංඝටකය වන රෙටිනෝල් මගින් ,සමෙහි ඝනත්වය හා ප්‍රත්‍යස්ථතාව ඉහල නංවමින් 
සම වයසට යාම පමා කරයි .රෙටිනෝල් මගින් සමෙහි රැලි හා සියුම් ඉරි වැටීම වලකන බවට සෑහෙන සාක්ෂි 
ඇතැයි වෛද්‍ය හේල් පවසයි .දරු ගැබේ විකෘති ඇතිවීමේ අවදානම වැඩිවිය හැකි බැවින් ගර්භනී කාන්තාවන් 
විටමින් ඒ භාවිතයෙන් වැළකිය යුතුයැයි ඔවුන් පෙන්වා දෙති .
නියමිත සංයුතියෙන් යුතු ප්‍රති ඔක්සිකාරක මගින් ,වයසට යාම පමාකරන බව පවසන ඇමෙරිකානු ජාතික 
සෞඛ්‍ය ආයතනය ,බීටා කැරොටීන් ,ලයිකොපීන් ,සෙලේනියම් ,විටමින් ඒ,සී ,හා ඊ වල ප්‍රති ඔක්සිකාරක ගුණ 
අඩංගු බව පවසයි .
පලතුරු ,එළවලු ,ඇට වර්ග ආදී බොහෝ ආහාර වල ප්‍රති ඔක්සිකාරක අඩංගු වේ .






Tuesday, November 13, 2012

වලස් රණ්ඩුවක්

ඇලස්කාවේ කටාමි ජාතික වනෝද්‍යානයේ දී දුඹුරු වලසුන් දෙදෙනෙකුගේ සටනක් ඡායාරූප ගතකිරීමට 
ජපන් ජාතික ඡායාරූප ශිල්පී ශෝගෝ අසාඕ ට හැකිවී තිබෙනවා .
වලසුන් දෙදෙනාගේ රණ්ඩුව ට හේතු වෙලා තියෙන්නේ එක්කෙනෙක් අල්ලා ගත්තු  සැමන්මාළුවා ව  අනෙකා 
උදුරා ගන්න හදපුඑකලු .










දිය කිඳුරෝ

ඉරිදා ලංකාදීප පත්‍රයෙන් ඉරිදා ලංකාදීප open in a new tab

Thursday, November 8, 2012

බාර් එක කිට්ටුව ඉන්නවනම් බොනවා වැඩිලු


‍‍‍‌‌වෘත්තීය සෞඛ්‍යය පිලිබඳ පින්ලන්ත ආයතනයේ පර්යේෂකයින් සිදුකල අධ්‍යයනයකින් පසු ,ඔවුන් පවසන්නේ
මත්පැන් අලෙවි සලක් කිට්ටුව පදිංචි පුද්ගලයින් වැඩිපුර බීමට නැඹුරුවක් පෙන්වන බවයි .
බාර් එකේ සිට කිලෝමීටරයකට වැඩි ඈතක පදිංචි පුද්ගලයට වඩා ,කිලෝමීටරයකට අඩු දුරකින් පදිංචි පුද්ගලයින්


වැඩිපුර මත්පැන් බීමට දක්වන නැඹුරුව සියයට දහතුනකින් වැඩිබව ඔවුන් අනාවරණය කරගෙන තිබෙනවා .
නිවසේ සිට මත්පැන් හලට ඇති දුර අඩුවීම හෝ වැඩිවීම මත ,පුද්ගලයකු බීමට වැඩියෙන් යොමුවීමේ හැකියාව
සියයට දහහතකින් වෙනස්වන බව  පෙන්වා දෙනු ලබනවා .
තුර්කි විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජුස්සි වතෙරා සහ ජානා එල් හැලොනන් නමැති පර්යේෂිකාව මෙම
අධ්‍යයනය සිදුකර තිබෙනවා .
මෙසේ වැඩියෙන් මත්පැන් බීමට යොමුවීම පින්ලන්තයට වඩා ,මහා බ්‍රිතාන්‍යයේදී හා ඔස්ට්‍රේලියාවේදී වඩා
බහුලව සිදුවන අතර ඇමෙරිකාවේ තරමක් අඩු මට්ටමක් පෙන්වනු ලබනවා .
මහාචාර්ය ජුස්සි වතෙරා පවසන්නේ 2001 වසරේදී මත්පැන් මිල ,පහල දැමීම හේතුවෙන් තනිව ජීවත්වන
පිරිමින්ගේ හා ගැහැණුන්ගේ ,මත්පැන් හේතුකොට සිදුවුණ මරණ අනුපාතය ඉහල ගිය බවයි .
මත්පැන් පහසුවෙන් ලබාගැනීමට ඇති හැකියාව මත ,වැඩකරන වයසෙහි පසුවන පුද්ගලයින් වැඩියෙන් බීමට
නැඹුරු කරවන බවට මෙම අධ්‍යයනය සාක්ෂි සපයන බව පවසන ඔවුන් ,පුද්ගලයින්ගේ වැඩකිරීමේ හැකියාව
හා වේගය දුර්වල කිරීම ඇතුළු මහජන සෞඛ්‍ය ප්‍රශ්න ගණනාවක් මේ සමග බැඳී පවතින බව පෙන්වා දෙති .

Wednesday, November 7, 2012

Tuesday, November 6, 2012

ඔබාමට ඡන්දය දීමත් ,ඔබේ කන්‍යාභාවය නැතිවන අවස්ථාව වගේ (වැදගත් )


ඔබේ කන්‍යාභාවය අහිමිවීම නිකම්ම පුද්ගලයකු අතින් නොව ,කඩවසම් ,කාන්තාව
ගැන සැලකිලිමත්වන ,අවබෝධයක් ඇති වැදගත් අයෙක් අතින් විය යුතුයි .
ජනාධිපති බැරක් ඔබාමා වෙනුවෙන් ඡන්ද ප්‍රචාරක දන්වීමකට පෙනී සිටිමින් ,ඇමෙරිකාවේ ජනප්‍රිය රූපවාහිනී නිළියක වන ,ලීනා ඩන්හැම් පවසයි .
මෙම දැන්වීම බොහෝ ජනතා අවධානයට පත්වූ අතර විවේචකයින් පවසන්නේ ,
ඡන්දයදීම හා ලිංගිකත්වය සංසන්දනය කරන මෙම උත්සාහයෙන් ඔවුන් විමතියට
හා කැලඹීමට පත්වූ බවයි .
ඩන්හැම් ව්‍යංගයෙන් පවසන්නේ මීට පෙර ඇයගේ මුල්ම ඡන්දය ඔබාමාට දුන් බවත්
එය ඇය කන්‍යාවියකව සිට ගැහැනියක බවට පත්වීම හා සමාන බවත්ය .
ඩන්හැම් නිර්දේශ කරන්නේ තරුණියක් පළමු වරට ලිංගිකව එක්වන්නේ නම් ,එය බැරක් ඔබාමා සමග කිරීමදැයි විවේචකයෝ ප්‍රශ්න කරති .
ඡන්දය දීමේ ක්‍රියාවලිය ලිංගිකකරණය කරඇති මෙම දැන්වීම ඉතා නුසුදුසු එකක්
බවත් ,දියණියන් සිටින පවුල් මෙම දැන්වීම නොබැලිය යුතු බවත් ඔවුන් පවසති .
විසිහය හැවිරිදි ලීනා ඩන්හැම් ,පසුගිය ගිම්හානයේදී රූපවාහිනී එමී සම්මාන තුනක්
සඳහා නාම යෝජනා ලැබුවාය .
යු ටියුබ් හරහා ලීනා ගේ මෙම දැන්වීම නරඹන්නන්ගේ ප්‍රමාණය දිනකට ලක්ෂ තුන
ඉක්මවයි .

Sunday, November 4, 2012

මොළය නොමැතිව ජීවත් වූ දරුවා මියයයි

මොලය නොමැතිව ඉපදී වසර තුනක් ජීවත්වීම පුදුමයක් .මෙලෙස උපදින දරුවන් උපන් විගස මියයයි .
නැතිනම් මළදරු උපතක් ලෙස බිහිවෙයි .නමුත් ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ පුවෙබ්ලෝ හි
උපන් කිකොලස් කෝක් නමැති දරුවා ,මොලය නොමැතිව ඉපදී ,වෛද්‍යවරු මවිතයට පත්කරමින් වසර
තුනකට වැඩි කාලයක් ජීවත්විය .පසුගිය ඔක්තෝබර් 31 වන දින වෛරස් ආසාදනයක් හේතුවෙන් ඔහු
මරනයට පත්විය

Thursday, November 1, 2012

ඔළුව ගැලවී බිම වැටෙයි

ඔබ කල්පනාවේ නිමග්නව පාරේ යද්දී ,ඔබ ඉදිරියට පුද්ගලයෙක් පැමිණෙයි .
ඔහු තදින් කිවිසිද්දී ඔලුව ගැලවී වැටෙයි .නැවත ගැලවුන ඔලුව ඔහු සවිකර ගනී .ඔබ භීතියට පත් නොවෙනවාද ‍?

කැලිෆෝනියාවේ මැජික් ශිල්පියෙකු වන රිච් ‍ෆර්ගියුසන් ගේ මේ දස්කම බලන්න